saravita-anim2

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා

Latest News - timelapse 7231 hours ago

LATEST

තවත් 454 දෙනෙකුට පුර්ණ සුවය

calendar_today 2021 මාර් 08 - 18:39 remove_red_eye - 160  

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝගහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ තවත් 454 දෙනෙකු අද (08) දිනයේ පිටව ගොස් තිබේ.

ගම්පහ , කච්චේරි භූමියෙහි ඉදිකෙරෙන ගොඩනැගිලි සංකීර්ණයක සේවය කරන සේවකයින් 20 දෙනෙකු කොරෝනා ආසාදිතයින් බවට හදුනාගෙන ඇති අතර ඔවුන් ප්‍රතිකාර පිණිස යොමු කිරීමටත් ආශ්‍රිතයින් සොයා ගැනීමට පියවර ගෙන ඇති බවත් ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සුභාෂ් සුභසිංහ මහතා සදහන් කළේය.

Read More

මෙරට විවිධ සමාජ මාධ්‍ය භාවිතා කරමින් කාන්තා ප්‍රතිරූපයට හානි කරන අයවලුන්ට එරෙහිව සහ එවැනි ගැටළු වලින් පීඩාවට පත්වී සිටින කාන්තාවන්ගේ ගැටලු සඳහා කඩිනමින් පිලියම් යෙදීමට රජයක් ලෙස ක්‍රියාකරන බව ආරක්‍ෂක ලේකම් සහ රාජ්‍ය ආරක්‍ෂක හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පැවසීය.

Read More

ඉන්දියාවේ චෙන්නායි නගරයේ පිහිටි අයි.සී.එෆ් (INTEGRAL COACH FACTORY) නිෂ්පාදනාගාරයේ නිෂ්පාදිත කුරහන් පැහැයෙන් යුතු ඉන්දියානු මැදිරි දහයක් හෙට දින කොළඹ වරායට ළඟා වන බව අතිරේක දුම්රිය සාමාන්‍ය අධිකාරි (ප්‍රධාන ඉංජිනේරු යාන්ත්‍රික) කීර්ති හේවාවිතාරණ මහතා අද (8දා) රත්මලානේදී පැවැසීය.

Read More

එමෙන්ම තෙල් සංස්ථාව විසින් රාජ්‍ය බැංකු වලින් ලබා ගන්නා ණය ඩොලර් වෙනුවට රුපියල් වලින් ලබා ගැනීමේ හැකියාව රාජ්‍ය බැංකු සහ මහ බැංකුව සමඟ සාකච්ඡා කරන මෙන් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතාට අග්‍රාමාත්‍යවරයා උපදෙස් දුන්නේය.

Read More

කොළඹ වායු කළාපය තුළ තිබෙන ඔක්සිජන් ප්‍රතිශතය ක්‍රමයෙන් පහළ යන බවට කොළඹ මහ නගර සභාවේ නිලධාරින් පිරිසක් පරිසර අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවක දී අනාවරණය කරනු ලැබීය.

Read More

මෙම විමර්ශනයට අදාළව අද දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙස මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතාට දැනුම් දී තිබුණත් අද දිනයේදී ඒ සඳහා ඔහු නොපැමිණි බවද මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.

Read More

නිරවුල් හිමිකමක් නැතිව රජයේ ඉඩම් භුක්ති විඳිමින් සිටි පවුල් වෙත දීමනා පත්‍ර ප්‍රදානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද (08) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ආරම්භ කෙරිණ.

Read More

විදේශ රැකියාවල නිරතව සිටියදී සිදුවූ විවිධ කරදර හේතුවෙන් පීඩාවට පත් විගමණික ශ්‍රමිකයින් තිස්දෙනෙකුට රුපියල් ලක්ෂ 57ක වන්දි පිරිනැමීම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේදී අද සිදු කෙරුනි.

Read More

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී තරුණයෙකු අනතුරට ලක් කිරීමේ සිද්ධිය අදාළව නීතිපතිවරයා විසින් ගොනුකර ඇති නඩුව මැයි මස 31 වනදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය නියම කළේය.

Read More

බස්නාහිර හැර දිවයිනේ සෙසු සියලු පළාත්වල පාසල් අධ්‍යයන කටයුතු ලබන 15 වැනිදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කර සිටියි.

Read More

පිලියන්දල නිවන්තිඩිය පාසල් මාවතේ තෙමහල් නේවාසිකාගාර ගොඩනැගිල්ලකින් ඇදවැටීමෙන් යුද්ධ හමුදා පළමුවන සන්නද්ධ බුද්ධි බලකායේ සෙබලෙක් ඊයේ (7) මියගිය බව පිළියන්දල පොලිසිය කියයි

Read More

කතරගම පොලිතින් මල්මාලා නිසා දැඩි පාරිසරික ගැටලුවක්

Read More

කොරෝනා මරණ භූමදානය කිරීම සඳහා රජය මගින් ඉරණතිවු ප්‍රදේශය තෝරා ගෙන තිබු අතර ඒ පිළිබද විවිධ පාර්ශව එල්ල කළ විරෝධය හමුවේ එම තීරණය නවතා දැමීම ගැන රජයට ප්‍රසංසා කරන බව අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පැවැසීය.

Read More

බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් දැඩි කිරීමට පොලීසිය තීරණය කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේය .

Read More

මොනරාගල දිස්ත්‍රික්කයෙන් අද (08) උදෑසන වන විට කොවිඩ් 19 රෝගීන් 15 දෙනෙකු අලුතෙන් හමුවී ඇතැයි මොනරාගල නියෝජ්‍ය ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක තුසිත අත්තනායක මහතා පැවසීය.

Read More

බදුල්ල මහ රෝහලේ පිළිකා වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටියදී කොවිඩ් ආසාදනයට ලක්වූ රෝගින් අතුරින් තුන්වැනියාත් ඊයේ (7දා) රාත්‍රී ජීවිතක්ෂකයට පත්ව තිබේ.

Read More

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් වලංගු වීසා බලපත්‍ර නොමැතිව මෙරට රැදී සිටි තායිලන්ත ජාතිකයන් 8ක් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

කාන්තාවක් රටක, ලෝකයක සමාජයක් නිර්මාණය කිරීමට දක්වන දායකත්වය අතිමහත්ය. අද ලෝක කාන්තා දිනයයි. කාන්තා දිනයේදී තරුණියන් පිළිබඳවද සාකච්ඡා කළ යුතුමය. එබැවින් සමාජ ක්‍රියාකාරිනියක ලෙස රටේ අභිවෘද්ධිය උදෙසා තරුණියන්ගේ දායකත්වය සාකච්ඡා කිරීමට අපි අද උත්සාහ ගත්තෙමු. ඒ සඳහා YAN Sri Lanka (youth action network) ආයතනයේ සම නිර්මාතෘ, ව්‍යාපෘති ප්‍රධානී සසංකා ධර්මසේන සහ වාර්තා අංශයේ සංස්කාරක ලක්ෂරී ගුණවර්ධන අප සමග සම්බන්ධ විය.

Read More

බස්නාහිර පළාත ආවරණය වන පරිදි ඊයේ (07) දින පැය 10ක් තුළ සිදුකර තිබූ විශේෂ මෙහෙයුමකදී සැකකරුවන් 1158ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

Read More

මේ සතියේ ධනය, දේපළ ඉපැයීම් මාර්ග මෙන්ම උරුම හිමිකම් අයිතිවාසිකම් හා කිසියම් ලාභ ප්‍රයෝජනාදියක් හිමිවනජතම භාග්‍ය සම්පත් උදාවන, එසේම ජීවනෝපාය මාර්ගයන්, රැකියා ව්‍යාපාර යනාදියත් හා තම දෛනික ජීවන ගමනේ බොහෝ අත්‍යාවශ්‍ය කාර්යයන්හී ප්‍රගතියක්, සාර්ථකත්වයක් ස්ථාවරභාවයක් සතිය පුරා ගෙනදෙන, ගොඩනගන සතියේ ශුභඵලදායී ලග්න වනුයේ මේෂ, වෘෂභ, කන්‍යා, තුලා, වෘශ්චික, ධනු වැනි ලග්නයන්ය.

Read More

බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ චැපල්ටන් වතුයායේ පි. එස්. කොටස සදහා පනවා තිබු සංචරණ සිමා ඊයේ දින ඉවත් කිරිමට පියවර ගත් බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි.

Read More

මධ්‍යම, සබරගමුව, දකුණු, වයඹ සහ බස්නාහිර පළාත්වල අද (08) සවස 1.00 න් පමණ පසු තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසිද ඇතිවේ.

Read More

එන්නත්කරණය සමග මුඛ ආවරණ ඇතුළු මහජන සෞඛ්‍ය පුරුදු අත්හැරෙන ස්වභාවයක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයද අනතුරු අඟවා සිටි අතර, වසංගතය හමුවේ සැබෑ ජයග්‍රහණයක් ලබාගැනීමට එම සෞඛ්‍ය පුරුදු තවදුරටත් පැවැත්වීමේ වැදගත්කම එක්සත් ජනපදයේ ප්‍රමුඛතම වසංගත රෝග විශේෂඥයා වන වෛද්‍ය ඇන්තනී ෆවුසි පවා අවධාරණය කර තිබුණි.

Read More

නයිජීරියාවේ ජනාධිපති මුහම්මදු බුහාරි සහ උප ජනාධිපති යෙමි ඔසින්බාජෝ විසින් අබුජා හි ජනාධිපති මන්දිරයේදී සිය පළමු කොවිඩ්-19 මර්දන එන්නත් මාත්‍රාවන් ලබාගෙන තිබේ.

Read More

සති 12ක් හෝ ඊට වැඩි කාල පරාසයක් තුළ ලබා දුන් සම්මත මාත්‍රා දෙකකින් පසුව ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා එන්නතෙහි කාර්යක්ෂමතාව 81.3%ක් බවත්, සති හයකට වඩා අඩු පරාසයක් තුළ ලබා දුන් විට මෙය 55.1%ක් බව අධ්‍යයන දත්ත පෙන්වා දී ඇත.

Read More

චීනය විසින් පරිත්‍යාග කළ සීනොෆාම් එන්නත් මාත්‍රා 50,000ක් පසුගියදා ඉරාකයේ බැග්ඩෑඩ් නගරය වෙත රැගෙන එන ලදී.

Read More

ජර්මානු රජය වෙත මුඛ ආවරණ තොගයක් ලබාගැනීමේදී නීති විරෝධී අයුරින් ගෙවීමක් ලබා ඇති ජර්මානු නීති සම්පාදකයන් දෙදෙනෙකු සිය මන්ත්‍රී ආසනවලින් ඉල්ලා අස්වී තිබේ.

Read More

වයස අවුරුදු 95ක් වන මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍ය මහතීර් මොහොමඩ් වෙත ලබාදී ඇත්තේ ෆයිසර්-බයෝඑන්ටෙක් එන්නතයි.

Read More

ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වූ අවසන් T20 තරඟය කඩුලු 3කින් ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.