නීතියේ ආධිපත්‍යයට සෑමවිටම ගරු කළා
රාජ්‍ය පාලනයේදී සෑමවිටම නීතියේ ආධිපත්‍යයට ගරු කර ඇති බවත් තමා බලයට පත්වීමෙන් පසු කිසිම පත්වීමක් දේශපාලනීකරණය කර නොමැති බවත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය. ජාතිය අමතමි් ඔහු මේ බව පැවැසීය.
"කලාපයේ වේගයෙන් දියුණු වන අනෙක් රටවල් හා සංසන්දනය කළ හැකි සාර්ථකත්වයක් විදේශ ආයෝජන සම්බන්ධයෙන් අපිට අත්කර ගන්නට පුලුවන් නම්, එය අපේ රටේ විදේශ සංචිත ශක්තිමත් කරගැනීමට විශාල පිටුවහලක් වෙනවා. ඒ හරහා ඍජු හා වක්‍ර ප්රතිලාභ රාශියක් අපේ රටේ ජනතාවට බලාපොරොත්තු විය හැකියි. මේ ආයෝජනවලට ලංකාවේ කොටස් වෙළෙඳපොළ තුළ ලැයිස්තු ගතවීමේ අවස්ථාව ලබාදීම හරහා අපේ රටේ සාමාන්‍ය ජනතාවටත් මේ ව්‍යාපාරයන්හි කොටස්කරුවන් වන්නට අවස්ථාව විවෘත කරන්නට අපි බලාපොරොත්තු වනවා.
රාජ්‍ය පාලනයේ දී අපි නීතියේ ආධිපත්‍යයට සැමවිටම ගරු කොට තිබෙනවා. රාජ්‍ය සේවකයින්ට බියකින් තොරව තම රාජකාරි ඉටු කරන්නට පුලුවන්. මා බලයට ආවාට පසු කිසිදු පත්වීමක් දේශපාලනීකරණය කලේ නෑ. පත්වීම් කලේ සුදුසුකම් මතයි. ඉහළ අධිකරණයන්ට විනිශ්චයකාරවරුන් පත්කිරීමේදීත්, නීතිපතිවරයා පත්කිරීමේදීත් ඒ සාධාරණත්වය ඉහළින්ම ඉටු කලා.
අතීතයේ වූ වැරදි නිවැරදි කරගෙන ඉදිරියට යන්නට අපට යලි අවස්ථාවක් ලැබී තිබෙනවා. අපට සෞභාග්‍යය උදා කරගත හැක්කේ නිසි සැලැස්මක් ඇතුව වෙහෙස වී වැඩ කිරීමෙන් පමණයි. ලංකාවේ ඉතිහාසය ලියවෙන විට අප මේ ගත කරන කාලය මොන තරම් දුෂ්කරද යන්න සඳහන් වේවී. නමුත් ඒ දුෂ්කරතා මැද අපි සාර්ථකව ඉදිරියට යනවාද නැද්ද යන්න තීරණය කිරීමේ වගකීම තිබෙන්නේ අප අතේයි.
මා ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අවස්ථාවේ මට සහයෝගය දුන් බොහෝ දෙනෙකු මගෙන් ඉල්ලුවේ රට පෙරදැරිකරගත් නායකත්වයක්. ඒ අය මගෙන් පුද්ගලික ඉල්ලීම් කලේ නැහැ. නමුත් මා බලයට ආවාට පසු සමහර දෙනෙකු පුද්ගලික ඉල්ලීම් ඉටු නොවුනාය කියා රජය සමඟ අමනාප වී සිටිනවා. ඔවුන් දැන් රජය විවේචනය කරනවා. රජය අසාර්ථකයයි මතයක් ජනගත කරන්නට උත්සාහ කරනවා. නමුත් මට අවශ්‍ය කිහිපදෙනෙකු සතුටු කිරීම සඳහා මගේ ප්‍රතිපත්ති වෙනස් කිරීම නොව මා පොරොන්දු වූ ආකාරයට සෞභාග්‍යයේ දැක්ම ක්‍රියාත්මක කිරීමටයි.
මම එදා මෙන් අදත් ඔබට නායකත්වය දෙන්නට සුදානම්. මම මගේ වගකීම නොපිරිහෙලා ඉටුකරනවා. රටට ආදරය කරන, අනාගත පරපුර වෙනුවෙන් වගකීම බාරගන්නට සූදානම් බුද්ධිමත් ජනතාව දිගටම මටත් මගේ රජයටත් අපේ අරමුණු ඉටුකරගැනීම සඳහා සහයෝගය ලබා දෙයි කියා."
popular news
-
Demuni Uduwara Friday, 25 June 2021 11:55 PM
What about 20A?
Reply : 0 0
Kumar Saturday, 26 June 2021 07:05 AM
Needless to say everybody in Sri Lanka know how much you respect the law.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

