අද සත්‍යය යටපත් වී බොරුව ජයගනිමින් තිබෙනවා
අද වන විට සත්‍ය යටපත් වී බොරුව ජය ගනිමින් පවතින බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.
ජාතිය අමතමින් ඔහු මේ බව පැවැසීය.
"අපේ විදේශ විනිමය ආදායම් අඩු වුනාට, රජය විසින් පිටරට මූල්‍ය ආයතනවලට ගෙවිය යුතු ණය වාරික ගෙවීම පැහැර හැරියේ නැහැ. පසු ගිය කාලයේ විවිධ රජයන් විසින් ගෙන තිබුනු ණය නිසා අපට වසරකට ඇමෙරිකානු ඩොලර් බිලියන 4 ක පමන විශාල ණය වාරිකයක් ගෙවන්නට තිබුනා. රජයට මේ ණය ගෙවන්න බැරි වෙයි කියා මතයක් විපක්ෂය ජනගත කලා. නමුත් අපි රට අපකීර්තියට පත් නොකර ඒ සියළු ණය මුදල් නියමිත දිනට ගෙව්වා.
මේ තත්ත්වය යටතේ විදේශ විනිමය අර්බූදයක් වලක්වා ගැනීම රජයේ වගකීමයි. ඒ නිසා රජයක් වශයෙන් අපිට යම් දැඩි තීන්දු ගන්න සිද්ධ උනා. සමහර අත්‍යවශ්‍ය නොවන ආනයනයන් පාලනය කරන්නට, විශේෂයෙන්ම සුඛෝපභෝගී භාණ්ඩ ආනයනය පාලනය කරන්නට, අපිට සිදු වුනේ ඒ නිසායි. මේවා හැමදාටම පවත්වාගෙන යන්නට බලාපොරොත්තු වන සීමාවන් නොවෙයි. අපි බලාපොරොත්තු වෙනවා රටට ආදරය කරන, අනාගතය දකින, බුද්ධිමත් ජනතාව කාලීන අවශ්‍යතාවයන් හඳුනාගෙන මේ අර්බූදයෙන් ගොඩ එන්නට අපට සහාය දෙයි කියා.
අපේ රජයේ අඩුපාඩුවක්ව තිබුනේ අපි කරන සංවර්ධන කටයුතු නිසියාකාරව ජනතාවට සන්නිවේදනය නොකිරීමයි. නමුත් එහි ප්‍රතිඵලය ලෙස ජනතාව මාධ්‍ය වලින් දැක්කේ ගැටලු පමණයි. සමාජ ජාල වල සාකච්ඡා වුනේ ප්රශ්ණගත සිද්ධීන් පමණයි. ඒ නිසා කොරෝනා අර්බුදය මැද රජය කරගෙන ගිය සංවර්ධන ව්‍යාපෘති වලින් රටට, ජනතාවට ලැබුන ප්රතිලාභ ගැන කවුරුත් කතා කලේ නැහැ.
පුද්ගල ප්රතිරූප පිම්බීම සදහා ප්‍රචාරණ කටයුතු නොකලාට ආණ්ඩුවක් කරන වැඩ ගැන ජනතාව දැනුවත් විය යුතුයි. නැත්නම් වන්නේ දේශපාලන අවශ්‍යතාවයන් මත වැරදි තොරතුරු ජනගත කරන්නට ආණ්ඩුවේ ප්‍රතිවාදීන්ට අවස්ථාව ලැබීමයි. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, අද සත්‍යය යටපත් වී බොරුව ජයගනිමින් තිබෙනවා."
popular news
-
Kumar Saturday, 26 June 2021 07:09 AM
Did you tell everybody that while living in California for twenty odd years, you were consuming produce grown using non-organic fertilizer and still surviving.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

