saravita-anim2

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

Latest News - timelapse 6745 hours ago

LATEST

පැතිර යන නව කෝවිඩ් ප්‍ර​භේ​ද

calendar_today 2021 ජුනි 30 - 09:00 remove_red_eye - 718  

ඉන්දියාවේ ශීඝ්‍රයෙන් පැතිර ගිය කෝවිඩ් 19 ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත රෝගීන් පස්දෙනෙකු ලංකාවෙන් වාර්තා වීමත් සමගම ඒ පිළිබඳව වැඩි අවධානයක් මෙරට සෞඛ්‍ය අංශ යොමුකර තිබෙනවා. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මේ පිළිබඳව අවධානය යොමු කරමින් පසුගියදා (28දා) මාධ්‍ය සාකච්ඡාවක් සංවිධානය කර තිබූ අතර, එහිදී සඳහන් වූයේ තවත් සැ

මීට පෙර හුදෙකලා කර තිබූ දිස්ත්‍රික්ක හතරකට අයත් ග්‍රාම නිලධාරී වසම් පහක් එම හුදෙකලා බවින් නිදහස් තීරණය කළ බව කොවිඩ් වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටියි.

Read More

හික්කඩුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද (30) දිනයේ පැය 08ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

Read More

ඔක්ස්ෆර්ඩ් එන්නත් අත්හදා බැලීම් පිළිබඳ ප්‍රධාන විමර්ශකයා වන ඇන්ඩෘ පොලාර්ඩ් පැවසුවේ මෙම ප්‍රතිඵලය එන්නත් අඩු සැපයුමක් ඇති රටවලට, ඔවුන්ගේ ජනගහනයට දෙවැනි මාත්‍රාව ලබාදීම ප්‍රමාද වීම ගැන සැලකිලිමත් විය හැකි අයට යම් සහතිකයක් දිය හැකි ප්‍රතිඵලයක් බවයි.

Read More

සෞඛ්‍ය නීති උල්ලංඝනය කරමින පානදුර පල්ලිමුල්ල ප්‍රදේශයේ විවාහ මංගල උත්සවයක් පැවැත්වු පුද්ගලයින් 20 දෙනෙකු දින 14 කාලයක් නිරෝධායනය සඳහා යොමු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නි.පොලිස්පති අජිත් රෝහණ පැවසීය.

Read More

ගතවූ පැය 24 ක කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝණය කළ පුද්ගලයින් 433 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියේ​ය.

Read More

කෝවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් දිස්ත්‍රික්ක හතරකට අයත් ග්‍රාම නිලධාරී වසම් හයක් හුදෙකලා කිරීමට තීරණය කළ බව කොවිඩ් වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටියි.

Read More

කළුතර බන්ධනාගාරයට පිටතින් විසිකරන ලද තහනම් ද්‍රව්‍ය ඇතුලත් පාර්සලයක් එම බන්ධනාගාරයේ අවි අංශයේ නිලධාරීන් හා ක්ෂේත්‍ර සේවා නිලධාරීන් විසින් සෝදිසි කර අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More

ඇමෙරිකාවේ, ෆ්ලොරීඩා හි කොන්ඩෝ ගොඩනැගිල්ල අබලන් තත්ත්වයක පැවති බවට ඊට දින කිහිපයකට පෙර යම් අනතුරු ඇඟවීමක් සිදුව තිබියදීත්, එය නොසලකා හැරීම සම්බන්ධයෙන් මේ වනවිට ඇතිවී තිබෙන කතාබහ හමුවේ නිලධාරීන් ෆ්ලොරීඩාහි ජනතාව අස්වසාලීමට උත්සාහ කරමින් සිටියි.

Read More

මින්නේරිය ජාතික වන උද්‍යානයේ රාජකාරියේ නිරතව සිටි වනජිවි නිලධාරින්ගේ රාජකාරියට බාධා කල මේජර් ජෙනරාල් මොහාන් රත්නායක මහතා ඇතුළු යුධ හමුදා නිලධාරින් සම්බන්ධයෙන් හබරණ පොලිසිය වෙත පසුගිය දා සිදුකල පැමිණිල්ලට මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් නොදැක්විම සම්බන්ධයෙන් දිවයින පුරා සිටින වනජිවි නිලධාරින් 2021.07.02 දින සංකේත වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නියැලෙන බව සමස්ත ලංකා වනජිවි නිලධාරින්ගේ සංගමයේ සභාපති ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසිය.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ද පහසු ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා.

Read More

චීනයේ හමුදා නිල ඇඳුමට සමාන ඇඳුමින් සැරසී ශ්‍රී ලංකාවේ ව්‍යාපෘතිවල සේවය කිරීමෙන් වළකින ලෙසය චීන සේවකයන් දැනුවත් කරන්නැයි ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය වෙත ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්, ජනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා දැන්වූ බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

ශ්‍රී ලංකාවෙන් අද දිනයේදී වාර්තාවී ඇති කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 1709ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අද දිනයේදී තවත් ආසාදිතයන් 389ක් වාර්තාවීමත් සමගිනි.

Read More

නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස විද්‍යාලයේ ඕස්ට්‍රේලියාවේ ආදි ශිෂ්‍ය සංගමය විසින් රුපියල් ලක්ෂ 6කට අධික වටිනාකමකින් යුත් හෘද ස්පන්දන ඔක්සිමීටර් තොගයක් පරිත්‍යාග කර ඇත.

Read More

’’සූමා, හිටපු ජනාධිපතිවරයා සිරගත කිරීම හැර වෙනත් විකල්පයක් මට ඉතිරිව නැහැ. එසේ කිරීමෙන් නීතියේ ආධිපත්‍යය සහ යුක්තිය පසිඳලීම ගැන නිසැක පණිවුඩයක් ලැබෙනු ඇතැයි යන බලාපොරොත්තුව පවතිනවා.’’ තීන්දුව ප්‍රකාශයට පත්කරමින් විනිසුරුවරයා පැවසීය.

Read More

2016 වසරේ මාර්තු මස සිදුවූ බැඳුම්කර වෙන්දේසියක දී රජයට රුපියල් බිලියන 36කට අධික මුදලක් සාවද්‍ය පරිහරණය සිදුකළේ යැයි චෝදනා කරමින් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව නීතිපතිවරයා ගොනුකර ඇති නඩුවක් යළි විභාගය සඳහා ජූලි මස 20 වනදා කැඳවන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් දින නියමකර තිබේ.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 45ක් වාර්තා වී තිබේ. මෙම කොවිඩ් මරණ ඊයේ (28දා) තහවුරු කර තිබේ.

Read More

එංගලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර අද පැවැත්වෙන එක්දින තරගය එංගන්ත නායක ඔයින් මෝගන්ගේ 244 වැනි එක්දින තරගය වෙයි.

Read More

එංගලන්ත - ශ්‍රී ලංකා පළමු එක්දින තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම 185ක් රැස් කළේය. නායක කුසල් පෙරේරා සහ වනිඳු හසරංග සිව්වැනි කඩුල්ල සඳහා ලකුණු 99ක් එක් කළහ. ඩේවිඩ් විලී පන්දු ඕවර 10ක් යවා ලකුණු 44කට කඩුලු 3ක් දවාගත් අතර ක්‍රිස් වෝක්ස් ලකුණු 18කට කඩුලු 4ක් දවා ගත්තේය.

Read More

අද (29) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,320ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

සියලුම විශ්ව විද්‍යාල සිසුන් ඇතුලු අධ්‍යයන හා අනධ්‍යයන කාර්යයමණ්ඩල එන්නත්කරණය පිළිබඳ අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ අවධානය යොමුව තිබේ.

Read More

තවත් කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 2,222ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව සුවය ලැබු සමස්තය 223,471ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

ආරක්ෂිත ක්‍රමවේද භාවිත නොකරන්නේ නම් තවත් සති 10ක කාලයක් තුළ ලංකාවේ පැතිර යන ප්‍රධානතම කොවිඩ් ප්‍රභේදය බවට ඩෙල්ටා ප්‍රභේදය පත්විය හැකි බව කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අනතුරු අඟවයි.

Read More

ළමයින් හා නව යොවුන් වියේ දරුවන් සඳහා චීනයේ සීනොවැක් බයෝටෙක් සමාගම සංවර්ධනය කරන ලද කොරෝනාවැක් කොවිඩ්-19 මර්දන එන්නත පිළිබඳ සායනික පරීක්ෂණයකින් හෙළි වී ඇත්තේ එම එන්නත් මාත්‍රා දෙකක් ඔවුන් සඳහා ආරක්ෂිත අතර, ශක්තිමත් ප්‍රතිදේහ ප්‍රතිචාරයක් ජනනය කරන බවයි.

Read More

2021 අප්‍රේල් මස 21 වැනි දින පාර්ලිමේන්තු සභා ගර්භයේදී සහ පාර්ලිමේන්තු පරිශ්‍රය තුළදී සිදු වූ සිද්ධීන් පිළිබඳව සොයා බලා ඒවාට ගත යුතු පියවර කවරේද යන්න නිර්දේශ කිරීම පත්කළ කමිටුවේ වාර්තාව ලබන සතියේ ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට භාර දීමට ඊයේ (28දා) රැස් වූ එම කමිටුව තීරණය කළේය.

Read More

පාලන මිලට වඩා වැඩි මිලට සහල් විකුණන වෙළෙඳුන්ට එරෙහිව දැනට පවතින දඩ මුදල වන රුපියල් 2500ක මුදල රුපියල් ලක්ෂ 05 දක්වා ඉහළ දැමිය හැකි ලෙස සංශෝධනය කිරීමට රජය තීරණය කර ඇත.

Read More

2021 පන්දුවාර 20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී සහ ඕමානයේ දී පැවැත්වීමට තීරණය කළ බව ජගත් ක්‍රිකට් කවුන්සලය නිවේදනය කර සිටියි.

Read More

ගම්පහ රෝහලේ ගිලන් රථයකට පහර දුන් පුද්ගලයෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More

මෙම තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රිඩකයන් තිදෙනෙක් එක්දින වරම් ලබා තිබේ. චරිත් අසලංක, ධනංජය ලක්ෂාන් හා ප්‍රවීන් ජයවික්‍රම එම ක්‍රීඩකයන් වෙයි.

Read More

ශ්‍රී ලංකා - එංගලන්ත පළමු එක්දින ජාත්‍යන්තර තරඟයේ කාසිය වාසිය දිනා ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්විණි. ඒ අනුව තරඟයේ පළමුව පන්දුවට පහරදීමට එංගලන්තය තීරණය කර තිබේ. චරිත් අසලංක,ධනංජය ලක්ෂාන්,ප්‍රවීන් ජයවික්‍රමට එක්දින ජාත්‍යන්තර වරම් හිමි වී තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.