saravita-anim2

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා

Latest News - timelapse 6860 hours ago

LATEST

කාලකන්නි ගුරුවරුන්ද දේශපාලනයද? පාඨලී ප්‍රශ්න කරයි

calendar_today 2021 ජුලි 21 - 16:21 remove_red_eye - 450  

වර්තමාන ආණ්ඩුවේ නිසි ආර්ථික ප්‍රතිඵත්තියක් නොමැතිවීම නිසාවෙන් රටේ අධ්‍යාපනයට, සිසු දරුවන්, ගුරුභවතුන්ට හා උසස් අධ්‍යාපනයට ඛේදවාචකයක් සිදුව ඇති බව සමඟි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.

රජයේ සහතික මිලට වි මිලදි ගැනිමට සියලුම සහල් මොල් හිමියන් රජය සමඟ අද පැවති සාකච්ජාවකදි එකඟ වි තිබේ.

Read More

ඩබල් කැබ් මාදිලියේ වාහන ස්වරූපයට සමාන අයුරින් නිෂ්පාදනය කර තිබූ ස්මාට් කැබ් මාදිලියේ වාහන ආනයනය කිරීමේදී ශ්‍රී ලංකා රේගුව විසින් සිංගල් කැබ් මාදිලියේ වාහන ආනයනය කිරීමේදී අය කරන අඩු රේගු බදු ප්‍රමාණයන් අය කර ඇති බවත්, එමගින් පසුගිය කාලය තුළ එක වාහනයකින් රුපියල් මිලියනය බැගින් වාහන 3000 ක් සඳහා රුපියල් බිලියන 03ක පාඩුවක් රජයට සිදුවී තිබෙන බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (කෝපා කමිටුව) නිරීක්ෂණය කොට තිබේ.

Read More

සබරගමුව ,මධ්‍යම,වයඹ සහ උතුරුමැද පළාත්වලටත්,හම්බන්තොට,ත්‍රිකුණාමලය,මන්නාරම ,වවුනියාව සහ කිලිනොච්චිය දිස්ත්‍රික්කවලටත් පැයට කිලෝමිටර 60ත් 70ත් අතර තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Read More

මාස දෙකක් ඇතුළත ලංකාවේ වයස අවුරුදු 30ට වැඩි සියලු දෙනා එන්නත්කරණය කර අවසන් කරන්න බලාපොරොත්තුවන බව ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

Read More

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් මිලදි ගත් තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2ක් හෙට අලුයම දිවයිනට ලැබිමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසයි.

Read More

ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් සිය නවතම ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් අද ප්‍රකාශයට පත් කර ති​​බේ. වනිඳු හසරංග ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම 20-20 පන්දු ‍යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් වල 3වන ස්ථාන​ය තෙක් ඉදිරියට පැමිණ තිබේ.

Read More

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් පුද්ගල ඝාතන නඩුවේ 11 වැනි විත්තිකාර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා මහතා ජනාධිපති පොදු සමාවක් යටතේ නිදහස් කරමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කළ නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලමින් හිටපු පාර්ලිමේන්තුනි හිරුණිකා පේමචන්ද්‍ර මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණයට අද අභියාචනා පෙත්සමක් ඉදිරිපත් ක​ර තිබේ.

Read More

කොවිඩ් -19 ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි 930 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන වලින් අද පිටවගොස් ඇත. ඒ අනුව මෙතෙක් සුවය ලබා ඇති ආසාදිතයින් ගණන 263,758ක් දක්වා ඉහල ගොස් ති​බේ.

Read More

වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ගුරු-විදුහල්පති වෘත්තිය සමිති ක්‍රියාත්මක කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මකය.

Read More

පිලියන්දල ජඹුරලිය ලුල්ලවල මාර්ගයේ පෞද්ගලික ඇඟලුම් කර්මාන්තශාලාවක සේවකයන් 186 කට සිදුකළ කොවිඩ් පරික්ෂණවලින් 120කට වෛරය ආසාදනය වි ඇති බව වාර්තා වි තිබේ.

Read More

රසල්ට මිකීගෙන් පිළිතුරු - කණ්ඩායමක් ලෙස එකට දිනන බවත් එකට පරදින බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු මිකී ආතර් පවසයි.

Read More

මේ වන විට මෙරට තුළ කොවිඩ් වෛරසයට එරෙහි එන්නත පළමු මාත්‍රාව පුද්ගලයින් පණස් නව ලක්ෂ තුන්සිය හැත්තෑහතරකට ලබා දී ඇත.

Read More

මහනුවර දිස්ත්‍රික්කයේ සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (20) ගෙවුණු පැය 24 ක කාලය තුළ නව ආසාදිතයින් 116 ක් වාර්තාවිමත් සමග 16,373 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

ලබන අගෝස්තු මස 03 වැනිදා සිට 06 වැනිදා දක්වා දින හතරක් පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.

Read More

මානව හිමිකම් පිළිබඳ පූර්ව කොමිසම් සහ කමිටුවල තීරණ ඇගයීම සහ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසම සිය අතුරු වාර්තාව ඊයේ (20) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දුන්නේය.

Read More

ඉන්දීයානු රජයේ ණය ආධාර යටතේ, දියවන්නාව කේන්ද්‍ර කරගනිමින් ශ්‍රී ලංකාවේ පළමු පාවෙන සූර්ය විදුලි බලාගාරය ඉදිකිරීමට සැලසුම් කර තිබේ. පාර්ලිමේන්තු පරිශ්‍රයේ දෛනික විදුලි අවශ්‍යතාවය සපුරාගත හැකි වන පරිදි ඉදිකිරීමට යෝජිත මෙම පාවෙන සූර්ය විදුලි බලාගාරය, මෙගාවොට් 1.5 ක ධාරිතාවෙයකින් යුක්තවන අතර මේ වනවිට මෙහි මූලික ශක්‍යතා අධ්‍යයන කටයුතු සිදු කෙරෙමින් පවතී.

Read More

මධ්‍යම පළාතට අයත් මහනුවර මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලින් කොවිඩ් 19 වෛරසය ආසාදිත මරණ ඊයේ වන දින විට 769 ක් වාර්තා වී ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව කියයි.

Read More

‌ෙඑතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසල පෙරහැර මංගල්‍යයේ 12 වන දිනය අදයි.

Read More

බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ නිරෝධායනය වෙමින් සිටි තවත් රැදවියන් 37 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බැව් බුස්ස බන්ධනාගාරය පවසයි.

Read More

ළමයින් වෙනුවෙන් පළාත් නමය තුළ ළමා මහේස්ත්‍රාත් අධිකරණ 09ක් සහ ළමා මහාධිකරණ 09ක් පිහිටුවීම සදහා වැඩකටයුතු ඇරඹීමට සූදානම් බව ජාතික ළමාරක්ෂක අධිකාරියේ නියෝජ්‍ය සභාපතිනී නීතීඥ සුජාතා අලහප්පෙරුම මහත්මිය සදහන් කළාය.

Read More

ගම්පහ දිස්ත්‍රික්කයේ අද (21) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල කොරෝනා ආසාදිතයින් හමුවීම 513 දෙනෙකු බවත් දිස්ත්‍රික්කයෙහි කොවිඩ් දෙවන රැල්ලේ ආසාදිතයින් සංඛ්‍යාව 59,017 වන බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.

Read More

ගතවු පැය විසි හතරක කාලය තුළ සිදුවු රිය අනතුරුවලින් පුද්ගලයින් 07 දෙනෙකු මියගොස් තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියි.

Read More

ඉස්ලාම් බැතිමතුන්ගේ හජ් උත්සවය අදට (21) යෙදී තිබේ.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම අතර ඊයේ (20දා) පැවැති එක්දින තරගයේදී ශ්‍රී ලංකා නායක දසුන් ශානක හා පුහුණුකරු මිකී ආතර් අතර වූ සංවාදය ක්‍රීඩකාගාරයේදී සිදුවිය යුතුව දෙයක් බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක මෙන්ම වත්මන් ජාත්‍යන්තර ක්‍රිකට් තරග විස්තර විචාරක රසල් ආනෝල්ඩ් පවසයි. ඔහු පවසන්නේ එය පිටිය තුළ සිදු නොවිය යුතු දෙයක් බවයි.

Read More

හිටපු අමාත්‍ය, වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බද්යුදීන් මහතගේ නිවසේ මෙහෙකාරකමට යොදවා සිටි අවුරුදු 16ක දැරියක් පිළිස්සී මිය යෑම පිළිබඳව තවදුරටත් පරීක්ෂණ කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

ගතවූ පැය විසි හතරක කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 207 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියි.

Read More

කළුතර දිස්ත්‍රික්කයට අයත් පුහාඹුගොඩ නැගෙනහිර ග්‍රාම නිලධාරී වසමේ මලබඩවත්ත කොටස හුදෙකලා බවින් ඉවත් කිරීමට තීරණය කළ බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටියි.

Read More

ඇමේසන් ඉන්කෝපරේෂන් හි නිර්මාතෘ බෙසොස් සහ සමාගමේ කොටස් හිමිකරුවකු වන ඔහුගේ සහෝදර මාර්ක් බෙසොස් තවත් දෙදෙනෙකු සමග මෙම ගමනට එක්වූහ. කාතහස්ථ නියමුවරියක වන වොලී ෆන්ක් (අවු.82) සහ මෑතදී උසස් පාසල් උපාධිධාරී 18 හැවිරිදි ඔලිවර් ඩේමන් අභ්‍යවකාශයට ළඟා වූ වයස්ගතම හා ලාබාලම පුද්ගලයන් බවට මේ සමග පත්විය.

Read More

ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වූ දෙවන එක්දින තරගය කඩුළු 3 කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වි​ය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.