ජාවාරම්කරුවන් හා සමීප සම්බන්ධතා පවත්වමින් කටයුතු කළ බව කියන සිද්ධියකට අදාලව වහාම ක්‍රියාත්මක වන පරිදි සෙවනගල පොලීසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති වරයාගේ වැඩ තහනම් කිරිමට පියවරගත් බව ඇඹිළිපිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නුවන් මෙන්ඩිස් මහතා පැවසීය.
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ කණගාටුවක් දැනෙන බවත්, මෙරට පළමු පෙළ ක්‍රීඩාව දක්ෂ ක්‍රීඩකයන් නිපදවීමට තරම් හොඳ මට්ටමේ නොමැති බව ශ්‍රී ලංකාවෙන් බිහිවූ සුපිරි පිතිකරු හා වත්මන් එම්.සී.සී. ක්‍රිකට් සමාජයේ සභාපති කුමාර් සංගක්කාර ප්‍රකාශ කරයි. බ්‍රිතාන්‍ය ස්කයි ස්පෝට්ස් මාධ්‍ය සමගින් එක්වී හෙතෙම මේ බව පැවසීය.
Read Moreජුනි 30 වනදා කොවිඩ් මරණ 43ක් තහවුරු වී ඇත. ඒ අනුව මෙතෙක් මෙරටදී සිදුවී ඇති තහවුරු කළ කොවිඩ් මරණ ගණන 3,120කි.
Read Moreපිටි මිළ වැඩි නොකරන්නේ නම් පාන් ඇතුළු නිෂ්පාදන වල මිළ වැඩි වීම සිදු නොකිරීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.
Read Moreයුරෝපා ඖෂධ ඒජන්සිය පවසන්නේ, කොරෝනා වෛරසයේ වේගයෙන් ව්‍යාප්ත වන ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව කොවිඩ්-19 එන්නත් මාත්‍රා දෙකක් ආරක්ෂාව සපයන බවයි.
Read Moreතීරු බදු රහිතව ගෙන්වා ඇති මෙම ත්‍රී රෝද රථ සඳහා රුපියල් මිලියන 829කට වඩා අධික මුදලක් රජය වැය කර තිබේ.
Read Moreගල්කිස්ස ප්‍රදේශයේදී වයස අවුරුදු 15ක දැරියක් අන්තර්ජාලය හරහා ලිංගික කටයුතුවලට අලෙවි කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ උප සභාපති ඇතුළු තිදෙනා මෙම මස 15 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකරයි.
Read Moreඅද තවත් කොරෝනා ආසාදිතයන් 1,173 ක් හඳුනාගෙන ඇති බවට යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටියි.
Read Moreකාබනික පොහොර භාවිතයට ගත් පියවර කිසිවිටෙකත් පසුපසට නොගන්නා ලෙස දිවයින පුරා ලක්ෂ 11ක්වූ ගොවීන් වෙනුවෙන් දිස්ත්‍රික් ගොවි නියෝජිතයෝ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටිති.
Read Moreශ්‍රී ලංකා - එංගලන්ත දෙවන එක්දින ජාත්‍යන්තර තරඟයේ කාසිය වාසිය දිනා ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්විණි. ඒ අනුව තරඟයේ පළමුව පන්දු යැවීමට එංගලන්තය තීරණය කර තිබේ. ආබාධ වලට ලක්ව සිටි ධනංජය ද සිල්වා සහ අවිශ්ක ප්‍රනාන්දු අද කණ්ඩායමට ඇතුලත්ව ඇත.
Read Moreසමස්ත ලංකා හෙද සංගමය ඇතුළු හෙද වෘත්තීය සමිති අද දින ආරම්භ කළ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය ශ්‍රී ලංකා ජාතික රෝහල් ඇතුළු දිවයිනේ සියලු රෝහල්හි මේ වන විට ක්‍රියාත්මක කරමින් තිබේ. එම ක්‍රියාමාර්ගය සඳහා සියලුම හෙද හෙදියන් සම්බන්ධව සටී.
Read Moreශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ඉදිරියේදී පැවැත්වෙන එක්දින හා විස්සයි20 තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ, එහෙත් මෑතකදී ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීමට අවස්ථාවක් හිමි නොවූ ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම පුහුණු සංචිතයකට කැඳවා ඇති බව වාර්තා වේ.
Read Moreකොව්ඩ් වෛරසය පැතිරීයාම් අවධානම මත තාවකාලික නවතා දමා තිබු මධ්‍යම පළාතේ වාර්ෂික වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම යළි අද (01) සිට ආරම්භ කිරීමට පියවර ගෙන ඇතැයි මධ්‍යම පළාත් ප්‍රවාහන දෙපාර්තමේන්තු පවසයි.
Read Moreඑක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියේ සැකකරුවකු වශයෙන් අධිකරණයට ඉදිරිපත්කළ එම නෞකාවේ දේශීය නියෝජිත සමාගමේ සහකාර සාමාන්‍යධිකාරි සංජීව ලංකාප්‍රිය සමරනායක මහතාව ඇප මත මුදාහරින ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.
Read Moreමධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් වාර්තාවන සමස්ත කෝවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව අද (01) ගෙවුණු පැය 24 කාලය නව ආසාදිතයින් 270 ක් වාර්තාවිමත් 25,408 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ වාර්තා සඳහන් කරයි.
Read Moreනාලක ගොඩහේවා ඉල්ලා අස්විය යුතුයි අලි සබ්රිගේ පනත හකුළා ගත යුතුයි
Read Moreමඩකලපුව ගුවන්තොටුපළ පහසුකම් පිරි අභ්‍යන්තර ගුවන් තොටුපළක් ලෙස කඩිනමින් සංවර්ධනය කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.
Read Moreපළාත් අතර සංචරණ සීමා කඩ කරමින් මඩකලපුවේ සිට කොළඹ බලා පැමිණි පෞද්ගලික බස් රථයක් කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී පොලිස් භාරයට ගෙන තිබේ. එම බස් රථයේ සිටි රියදුරු, කොන්දොස්තර ඇතුළු 38 දෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreබගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයන් 38 කු ඊයේ (30) දින වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ නිලධාරීහු සඳහන් කරති.
Read Moreනානුඔය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසේ වැඩි මිලට අලෙවි කිරිම සදහා සගවා තිබු රසායනික පොහොර මිටි 129 ක් (30) දින තම භාරයට ගත් බව නුවරඑලිය පාරිභෝගික සේවා අධිකාරියේ ජ්‍යෙෂ්ඨ විමර්ෂණ නිලධාරි ජේ.එම්.ආර්.කරුණාරත්න මහතා පැවසිය.
Read Moreශ්‍රී ලංකා නාවික හමුදාව, ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාව සහ ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකාය එක්ව ත්‍රිකුණාමලය වරායේදී සහ ත්‍රිකුණාමලයට ඔබ්බෙන්වූ නැගෙනහිර මුහුදු තීරයේදී 2021 ජුනි මස 24 වන දින සිට 2021 ජුනි 30 වන දින දක්වා පවත්වනු ලැබූ සහයෝගීතාවය සූදානම සහ පුහුණුව පිළිබඳ බහුපාර්ශ්වීය නාවික අභ්‍යාසය (Cooperation Afloat Readiness and Training Exercise - CARAT–21) සාර්ථකව නිමාවට පත්විය.
Read Moreමින්නේරිය ජාතික වනෝද්‍යානයේ වනජීවී නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුටවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මේජර් ජනරාල්වරයා අප මත නිදහස් කර තිබේ.
Read Moreබස්නාහිර පළාතට ඇතුළුවන හා පිටවන ස්ථාන 14 ක යොදවා ඇති මාර්ග බාධකවලදී ගතවු පැය 24 ක කාලය තුළ රථවාහන 3513 ක් හා පුද්ගලයින් 6541 දෙනෙකු පරීක්ෂාවට ලක් කර ඇතැයි පොලීසිය පවසනවා.
Read Moreආරුගම්බේ සංචාරක කලාපයක් ලෙස ගැසට් කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (30) අරුගම්බේ සංචාරක ක්ෂේත්රයේ නියුක්තිකයන් සමඟ පැවැති සාකච්ඡාවකදීය.
Read Moreචීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම් සහ මධ්‍යම ආරක්ෂක කොමිසමේ සභාපති, චීන ජනාධිපති ෂී ජින්පිං, චීන කොමියුනිස්ට් පක්ෂය පිහිටුවීමේ 100 වැනි සංවත්සර උළෙල අමතමින් බීජිං නුවරදී මෙම අදහස් කළේය.
Read Moreයාපනය කෝපායි පොලිස් වසමේ කොණ්ඩාවිල් ප්‍රදේශයේදී ඊයේ (30) රාත්‍රියේ තියුණු ආයුධ සමගින් පැමිණි පිරිසක් සිදුකල පහරදීමකින් පුද්ගලයින් 08 දෙනෙකුට බරපතල තුවාල සිදුවී තවත් දේපල රැසක්ද විනාශ කොට පලා ගොස් ඇතැයි කෝපායි පොලීසිය පැවසීය.
Read Moreශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින තරගය අද (01) මෙරට වේලාවෙන් පස්වරු 5.30 ට ලන්ඩන් නුවර කෙනින්ටන් ඕවල් ක්‍රීඩාපිටියේදී ආරම්භ වෙයි.
Read Moreපොඩ්ඩෝ වැරදි කළොත් ලොක්කන්ටත් වැඩ වරදී
Read Moreහබරන පොලිස් වසමේදී වනජීවී නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමක් සම්බන්ධයෙන් හමුදා මේජර් ජනරාල් අත්අඩගුවට ගත් බව පොලීසිය පවසයි.
Read Moreයුරෝපා සංගමයට අයත් රටවල් වෙත යැවෙන තැපැල් භාණ්ඩ සම්බන්ධ සංශෝධිත බදු ප්‍රතිපත්තිය අද (01) සිට ක්‍රියාත්මක වන බව තැපැල්පති රංජිත් ආරියරත්න සඳහන් කර සිටියි.
Read More