වාහන ලියාපදිංචිය, රියැදුරු බලපත්‍ර නිකුත් කිරීම සහ වාහන පැවරීම වැනි එක්දින සේවා තවත් ව්‍යාප්ත කරන්නැයි ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මෝටර් රථ දෙපාර්තමේන්තුවේ විශේෂ ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමින් එහි නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
රියැදුරු බලපත්‍ර 2000 ක්, වාහන පැවරීම් බලපත්‍ර 1500 ක්, වාහන ලියාපදිංචි කිරීම් 1200 ක් මෝටර් රථ දෙපාර්තමේන්තුව හරහා දෛනිකව නිකුත් කෙරේ .ෙ
දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල පිහිටි ශාඛා කාර්යාලවලදී Online ක්‍රමයට බලපත්‍ර නිකුත් කිරීම අරඹන්නැයි ද අමාත්‍යරිය නිලධාරීන්ට උපදෙස් දී තිබේ.