ශ්‍රී ලංකා යුද හමුදාවේ 72 වන සංවත්සරය අදට (10) යෙදී තිබේ. ඒ හේතුවෙන් යුද හමුදා 72 වන සංවත්සරයට සමගාමීව නිලධාරින් 567 දෙනකු සහ සෙසු නිලයින් 10,369 දෙනෙකුට උසස්වීම් ලබාදීමට කටයුතු කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටියි.
මේ අතර පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව යුද හමුදා 72 වන සංවත්සරය සැමරීමට කටයුතු කරන බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියි.