කොළඹ දිස්ත්‍රික්කය පුරා යළි ඩෙංගු හිස එසවීම හේතුවෙන් මදුරු ගහනය වැඩි පරිශ්‍ර හදුනා ගැනීම සදහා ඩ්‍රෝන තාක්ෂණය යොදාගනිමින් විශේෂ මෙහෙයුමක් අද සිදුකෙරුණා.
කොරෝනා වසංගතය පැතිරයාමත් සමග ඩෙංගු ව්‍යාප්තිය සම්බන්ධයෙන් අවධානයේ යම් අඩුවීමක් සිදුවුණා.
එමෙන්ම පසුගිය කාලයේ බලපෑ අධික වර්ෂාව සමග ඩෙංගු පැතිරයාම ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ. මේ සම්බන්ධයෙන් කළ සමීක්ෂණවලදී හෙළිවී තිබෙන්නේ පිළියන්දල වෑවල ප්‍රදේශයේ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බවයි.
ඒ හේතුවෙන් කොළඹ පරිසර පොලිස් ඒකකය,පිළියන්දල පොලීසිය හා පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය එක්ව විශේෂ මෙහෙයුමක් අද සිදුකළා.
ඒ සදහා ඩ්‍රෝන තාක්ෂණය ද යොදා ගැණුනේ වැඩි වශයෙන් මදුරු ගහණයක් පවතින පරිශ්‍ර හදුනා ගැනීම සදහායි.