විෂය ගැන මෙලෝ හසරක් දන්නේ නැති කෙනෙක් රටේ නායකයා වුණාම රට අරාජික වෙන බවත් මෙතෙක් පැවති කිසිදු රජයක් නොගත් තීන්දු තීරණ රැසක් මේ ආණ්ඩුව අරගෙන තිබෙන බවත් ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා අද (10) පැවසීය.
බලපිටිය අහුන්ගල්ල ප්‍රදේශයේ ජන හමුවක් අමතා එසේ කී කරුණාතිලක මහතා එහිදී මෙසේ ද කීය.
රට පාලනය කිරීම ඇතුළු විෂය ගැන කිසිම දැනීමක් දැන් ඉන්න රටේ නායකයාට නැහැ.ඒ නිසා තමයි මේ පොහෝර හිගය ඇතුළු අනෙකුත් ප්‍රශ්න මතුවී දිනෙන් දිනම රට අරාජික වෙනවා.
මෙතෙක් පැවති කිසිම රජයක් නොගත් තීන්දු තීරණ මේ ආණ්ඩුව ගෙන තියෙනවා.කුරුදු කියන්නේ ඩොලර් ගස් .ඒ ඩොලර් ගස් මේ ආණ්ඩුව විනාශවී යාමට ඉඩදී බලා සිටිනවා.නැත්නම් කුරුදු ගොවීන්ට අවශ්‍ය පොහෝර නොදී ඉදීවිද.මෙහේම ගියොත් අපේ රටට එන ඩොලර් නැතිවෙලා රටත් නැතිවෙනවා.
කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත