ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඇතුළු ගැටලු සම්බන්ධයෙන් හෙට දිනයේ දී අග්‍රාමාත්‍යවරයා සමග පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව නොපැවැත්වෙන බව ගුරු විදුහල්පති වෘත්තිය සමිති පවසයි.
පාසල් නැවත විවෘත කිරීමෙන් පසු අධ්‍යාපන කටයුතු නැවත ආරම්භ කරන ලෙස ගුරුවරුන් දැනුවත් කරන්නැයි ඉල්ලමින් දෙමව්පියන් පිරිසක් නාරාහේන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේ බැහැ දැක සංදේශයක් භාර දුන්නා.
නගරයේ දරුවන්ට පහසුකම් ඇතත් ගම්බද පාසල්වල දරුවන්ට පහසුකම් ප්‍රමාණවත්ව නොමැති බැවින් පාසල් ආරම්භ කිරීමෙන් පසු ඉගෙනීම් කටයුතු සිදු කරගෙන යාමට අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කර දෙන ලෙසයි දෙමව්පියන් ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටින්නේ.
පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කර සිටියේ දෙමව්පියන්ගේ මෙම ඉල්ලීම ගුරු නියෝජිතයන් වෙත දැනුම් දීමට කටයුතු කරන බවයි. මේ සම්බන්ධයෙන් ජනාධිපතිතුමා අගමැතිතුමා ඇතුළු රජයේ පාර්ශව ද දැනුවත්කිරීමට කටයුතු කර ඇති බවද උන් වහන්සේ සදහන් කළහ.