saravita-anim2

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා

Latest News - timelapse 6493 hours ago

LATEST

ගුවන් හමුදාපතිටත් කොවිඩ්

calendar_today 2021 අගෝ 25 - 07:47 remove_red_eye - 735  

ගුවන් හමුදාපති, එයාර් මාෂල් සුදර්ශන පතිරණ මහතාට කොවිඩ් 19 ආසාදනව වී තිබේ.

හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කොට ඇති ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ කාර්යමණ්ඩලයේ 112 දෙනෙකුට මෙම මාසය තුලදි කොවිඩ් වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බැව් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩබලන අධ්‍යක්ෂක වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා පවසයි.

Read More

නිරෝධායන ඇඳිරිනීතිය උල්ලංඝනය කිරීම සහ නිරෝධායන රීති කඩකිරීම් සම්බන්ධව පුද්ගලයන් 705 ක් ගතවූ පැය 24ක කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

Read More

’’ඩෙල්ටා ප්‍රභේදය හමුවේ කෙසේ හෝ තමන්ට කොවිඩ්-19 රෝගයෙන් සදහටම ආරක්ෂා විය හැකි යැයි ඕනෑම ප්‍රාන්තයක් සහ ප්‍රදේශයක් සිතනවා නම් එය තනිකරම විකාරයක්. මම කියන්නේ නවසීලන්තයටත් ඒක කරන්න බැහැ. ඔවුන් අනුගමනය කළේ වෛරසය තුරන් කිරීමේ උපාය මාර්ගයක්. ඔවුන් අගුලු දමාගෙන සිටිනවා.’’

Read More

Invitational T20 League ශූරතාවය ජයගන්නට දසුන් ශානක නායකත්වය දැරූ ග්‍රේස් කණ්ඩායම අද සමත් විය. ඒ අවසන් තරගයේ දී දිනේෂ් චන්දිමාල් නායකත්වය දැරූ රෙඩ් කණ්ඩායම ලකණු 43කින් පරාජය කරමින්.

Read More

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වෙයි. මේ වන විට ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතර ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවටද වාර්තා වෙයි.

Read More

සමෝවා වාර්ගික දේවස්ථානයක ආසාදිත පොකුරක් සමග නවසීලන්තයේ වර්ගවාදී අදහස් ප්‍රජාව තුළ ඉස්මතු වී තිබේ. නවසීලන්ත සෞඛ්‍ය අමාත්‍යාංශය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ, ’’ගැටලුව ඇත්තේ වෛරසයේ මිස මිනිසුන්ගේ නොවෙයි’’ යනුවෙනි.

Read More

වයස අවුරුදු 60ට වැඩි සියළුම ජනතාව එන්නත් කිරීමේ වැඩසටහන යටතේ වයස අවුරුදු 60ට වැඩි සියලුම පූජ්‍ය පක්ෂය එන්නත් කිරීම සඳහා යොමු කිරීමට අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට රජය විසින් වැඩපිළිවෙලක් සංවිධානය කර තිබෙන බව බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 1,112 දෙනෙකු අද (24) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

Read More

කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය වළක්වා ගැනීම සඳහා ඊශ්‍රායලය සිය කොවිඩ්-19 එන්නත් බූස්ටර් මාත්‍රාව (තෙවැනි මාත්‍රාව) ලබාදීමේ වයස් සීමාව අවුරුදු 30ට වැඩි සියලු දෙනා දක්වා පුළුල් කර තිබේ.

Read More

මතුගම පොලීසිය පසුගිය 22වනදා සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගත් සැකකරුවෙකු පොලිස් ස්ථානය වෙත රැගෙන එමින් සිටියදී මියගොස් තිබේ.

Read More

කොවිඩ් ආසාදනය වූ දරුවන්ගේත් මේ වන විට රෝග ලක්ෂණ පෙන්වීමට පටන්ගෙන ඇති බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකය භාර විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත පවසා සිටියි.

Read More

ඔස්ට්‍රේලියාවේ ෆෙඩරල් රජය එරට ප්‍රාන්තයන්හි මහ ඇමතිවරුන්ට අවධාරණය කර තිබුණේ, රටේ ජනගහනයෙන් 70% - 80%ක් සඳහා කොවිඩ්-19 මර්දන එන්නත් ලබාදුන් විට රට නැවත විවෘත කරන අතර, හදිසි ආර්ථික ආධාර පැකේජ අවසන් කරන බවත්ය.

Read More

ඊයේ (23) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 190 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර ති​බේ. මිය ගිය අය අතරට වයස අවුරුදු 30 ට අඩු පුද්ගලයින් දෙදෙනෙක්, වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 38 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 150 දෙනෙකු අයත්.

Read More

ජනාධිපති නීතිඥ ඩී එස් විජේසිංහ මහතා අභාවප්‍රාප්ත වුණා.

Read More

කෙසේ වෙතත් මෑත සති කිහිපය තුළ නවතම ආසාදන සංඛ්‍යාලේඛන සැලකිය යුතු ලෙස ඉහළ ගියද, එන්නත ලබාදීමේ දියුණුවට ස්තූතිවන්ත වන්නට, පසුගිය ශීත සෘතුවේදී සිදු වූ මරණ සංඛ්‍යාවේ උපරිමයට වඩා මරණ සංඛ්‍යාව තවමත් බෙහෙවින් අඩු බව කියයි.

Read More

කොවිඩ් ආසාදනය වී කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වූ හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ අවසන් කටයුතු අද දිනයේදීම කොළඹදී සිදුකෙරිණි.

Read More

රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර හට කොවිඩ් වෛරසය ආසාදනය වී ති​බේ. ඔහුගේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාද නිරෝධායනය සඳහා යොමු කර ඇත.

Read More

සියලු කර්මාන්ත සහ වැවිලි ක්ෂේත්‍රයේ කටයුතු ද අත්හිටුවා මුළු රටම දින නියමයක් නැතිව මාස ගණනක් වසා තැබීම විපක්ෂයේ සමහර දේශපාලන කණ්ඩායම්වල අඳහස වන බවත් එමඟින් රට තුළ අරාජික තත්ත්වයක් සහ වියවුල් තත්ත්වයක් ඇති කිරීම ඔවුන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය බවත් ඊට කිසිසේත් ඉඩ ලබා නොදෙන බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කරයි.

Read More

හිටපු අමාත්‍යවරයෙක් වන අභාවප්‍රාප්ත වූ මංගල සමරවීර මහතාගේ සුවදුක් විමසීමට තමන් ඊයේ (23දා) දහවල් දුරකතනයෙන් කථා කළ බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

රිජ්වේ ආර්යා ළමා රෝහලේ මේ වනවිට කොරෝනා ආසාදිත දරුවන් 200 දෙනෙකු පමණ ප්‍රතිකාර ලබමින් සිටින බව එහි ශල්‍ය වෛද්‍ය ඒකකයේ ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය නලින් සී. කිතුලවත්ත මහතා පවසා සිටියි.

Read More

පිරිවැය රු බිලියන 1.5ක් - යෝජනාව අගමැති මහින්දගෙන්

Read More

සමස්ත පොලිස් නිලධාරීන් අතරින් 98%ක් පූර්ණ එන්නත්කරණය ලක්කර තිබෙන බවට මහජන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කර සිටියි,සෙසු නිලධාරීන් අතුරින් පිරිසකට ඉදිරි දින කිහිපයේ දෙවැනි මාත්‍රාව ලබා දීමට නියමිත බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

Read More

පිටකොටුව ප්‍රදේශයේ සිටින යාචකයන් සිය දෙනෙකු සදහා එන්නත් ලබාදීම අද සිදු කෙරුණා.

Read More

බගවන්තලාව මෝරා වතු යායේ ජාතික වැවිලි කලමණාකරණ ආයතනයේ පවත්වාගෙන ගිය සියළුම පහසුකම් සහිත අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය අද දින සිට වසා දැමිමට නුවරඑලිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා විසින් පියවර ගෙන ඇත.

Read More

Invitational T20 League අවසන් මහා තරගය අද (24) පැවැත්වීමට නියමිතව ඇ​ත. ඒ දසුන් ශානක නායකත්වය දරන ග්‍රේස් කණ්ඩායම හා දිනේෂ් චන්දිමාල් නායකත්වය දරන රෙඩ්ස් කණ්ඩායම අතරයි. අවසන් මහා තරගය මහනුවර පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී රාත්‍රී 7.30 ට ආරම්භ වීමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කර සිටියි.

Read More

ශ්‍රී ලංකාවට ශ්‍රේෂ්ඨ නායකයෙකු අහිමි වූ බවත් මංගල සමරවීර යනු ජාතියට ආදරය කළ පුද්ගලයෙක් බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read More

යාපනයට 610Km ක් දුරින් බෙංගාල බොක්ක ප්‍රදේශය් රිච්ටර් මාපකයේ 5.1 ක භූ චලනයක් සිදුව ඇත. භූ චලනයෙන් මෙරටට බලපෑමක් නොමැති බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේය.

Read More

කළුබෝවිල රෝහලේ මෘතදේහ තැනතැන දමා ඇති බවට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ව්‍යාජ පුවතක් පළ කළ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් නිහාල් තල්දුව මහතා පැවසීය.

Read More

රජයේ ආයතන සතු වාහන අතුරින් ධාවන තත්ත්වයේ ඇති වාහන කඩිනමින් අලුත්වැඩියා කර ප්‍රයෝජනයට ගැනීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.