
අන්තර්ජාලය මාර්ගයෙන් වෙළඳාම් කටයුතු සිදු කිරීමේදි පවතින වාණිජ නීති රාමුව තවදුරටත් ශක්තිමක් කිරීම සම්බන්දයෙන් අදාල පාර්ශව සමග විශේෂ සාකච්චාවක් ක්‍රිඩා හා තරුණ කටයුතු අමාත්‍ය හා ඩිජිටල් තාක්ෂණ කටයුතු පිලිබඳ රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ සහ අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15) අධිකරණ අමාත්‍යාංශයේදි පවත්වා තිබේ.
මේ සදහා මාර්ග ගත ක්‍රමය (ONLINE) ඔස්සේ වෙළදාම් කටයුතු සිදු කරනු ලබන මෙරට ප්‍රධාන පෙළේ වෙළද ආයතන කිහිපයක නියෝජිතයින් එක්ව සිටි බවත් ඔවුන් අන්තර්ජාලය හරහා වෙළදාම් කටයුතු සිදු කිරීමේදී මුහුණ දෙන ගැටළු හා ඒ සදහා ශක්තිමත් නීති රාමුවක් පැවතීමේ අවශ්‍යතාවය පිළිබඳව අදහස් පළ කල බව අධිකරණ අමාත්‍යාංශ මාධ්‍ය ඒකකය නිවෙදනයක් මගින් සඳහන් කරයි.
ඒ අනුව මාර්ග ගත ක්‍රමය ඔස්සේ වෙළදාම් කටයුතු සිදු කරනු ලබන ව්‍යාපාරික ආයතනයන් මෙන්ම පාරිභෝගිකයින් යන දෙපාර්ශ්වයටම සාධාරණය ඉටු වන පරිදි හා අයිතීන් සුරක්ෂික වන අයුරින් නව නීති හදුන්වා දීමේ වැදගත්කම මෙහිදී අවධාරණය කෙරිණි.
මේ සම්බන්ධව මේ වන විටත් සිදු කර ඇති පර්යේෂණ වාර්තාවන් ද අධ්‍යනය කරමින් නව නීති හදුන්වා දීම හා සංශෝධනය කිරීම සිදු කළ යුතු ආකාරය පිළිබඳව මෙහිදී සාකච්ඡා කළ අතර මෙයට සෘජුවම සම්බන්ධ වන ආයතන හා පාරිභෝගිකයන්ගේ අදහස් විමසා අදාළ නීති රාමුව සකස් කිරීම වැදගත් බවත්, වාණිජ නීති පද්ධතිය (e - Commerce) සමාලෝචනයට පත් කොට ඇති කමිටුව හා මාර්ග ගත ක්‍රමය (ONLINE) ඔස්සේ වෙළදාම් කටයුතු සිදු කරනු ලබන නියෝජිත ආයතන මේ පිළිබදව තවදුරටත් සාකච්ඡා කර නීති රාමුව ශක්තිමත් ලෙස සකස් විය යුතු බවටත්, අමාත්‍යවරුන් මෙහිදී උපදෙස් ලබා දුන් බව එම නිවේදනයේ සඳහන්.