මාර්ග නීති උල්ලංඝනය කරමින් කටයුතු කරන රියදුරන්ට එරෙහිය නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා එලැඹෙන උත්සව සමයේ විශේෂ වැඩපිලිවෙලක් ආරම්භ කර ඇති බව පොලීසිය සඳහන් කරයි.
එම වැඩපිලිවල යටතේ බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් දියත් කිරීමට කටයුතු යොදා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කරයි.
කල්පනාකාරීව, පරික්ෂාකාරීව හා මාර්ග නීතිවලට අනුකූල වෙමින් රිය පැදවීම ඉතාමත් අවශ්‍ය වන බවත් ඉදිරි උත්සව කාලසීමාව තුල ශ්‍රී ලංකා පොලීසිය මේ සම්බන්ධව විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.
එමෙන්ම එම සියලු මෙහෙයුම් දිවා රාත්‍රි කාලයන් දෙකෙදීම සිදුකරන බවත් අධික වේගයෙන් සහ නොසැලකිලිමත් ලෙස මාර්ග නීති උල්ලංඝනය කරමින් ගමන් කරනු ලබන රියදුරන් ද මෙලෙස අත්අඩංගුවට ගන්නා බවත් එම සියලු රියදුරන් සඳහා නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
