
අධිකරණය මගින් පරිවාස භාරයට පත්කර සිටියදී සිවු මස් ගැබිණියක් බවට අදාල දැරිය පත්කල බව කියූ 19 හැවිරිදි තරුණයෙකු සහ දැරියගේ මව අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලීසිය සඳහන් කරයි.
එමෙන්ම මේ වන විට අදාල දැරිය කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුලත් කල බවද පොලීසිය සඳහන් කරයි.
එමෙන්ම අදාල දැරිය මින් පෙර 13 වියේදි සැකකාර තරුණයා විසින් අපහරණය කිරීමේ වරදට එකල 18 හැවිරිදි වියේ පසුවු සැකකාර තරුණයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරු සැකකරු දින 14කට රක්ෂිත බන්ධනාගාර ගත කල බවත් අදාල දැරිය පරිවාස නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ මවට බාරකල කල බවත් සඳහන්.
ඉන් අනතුරුව පසුගිය අප්‍රේල් මස 01 වැනි දින මව බාරයේ සිටි අදාල දැරිය සිය නිවසට රැගෙන යන තරුණයා ඉන් දින 19කට පසු ඇයව නැවත දූශණය කර ඇතැයි ද අධිකරණය මගින් පරිවාස භාරයට පත් කර මවට බාරදුන් දැරිය සිව්මස් ගැබිණියක් බවට දැනගැනීමෙන් අනතුරුව අදාල පරිවාස නිලධාරීන් මේ පිලිබඳව පොලීසිය දැනුවත් කර ඇති අතර එහිදි දැරියගෙන් සිදුකල ප්‍රශ්න කිරීමේදි ඒ බව තහවුරු වූ බවද පොලීසිය කියයි.
මේ අනුව අදාල සැකකාර තරුණයා සහ ඊට ආධාර අනුබල දුන්නේ යැයි කියන අදාල දැරියගේ මවද අත්අඩංගුවට ගැනීමට කටයුතු කල බව කහතුඩුව පොලීසිය සඳහන් කරයි.
කහතුඩුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුසිත වික්‍රමරත්න මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අතුල ගම්ලත් ,කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි කාන්තා පොලිස් සැරයන් 4575 රේණුකා පොලිස් කොස්තාපල් වරුන් වන 92440 චාමර 97338 ඒකනායක යන නිලධාරීන් මේ පිලිබඳව පරීක්ෂණ පවත්වනු ඇති බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.