
කුරුණෑගල රෝහලේ සේවය කල නාරිවේද විශේෂඥ වෛද්‍ය එස්.එම්.එම් ෂාෆි මහතා නැවත සේවයේ පිහිටුවවීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.
එමෙන්ම අනිවාර්ය නිවාඩු යවා සියි කාලයට අදාල සියලු වැටුප් ගෙවන ලෙස රාජ්‍ය සේවා කොමිෂන් සභාව සෞඛ්‍ය ලේකම්වරයාට දැනුම්දී තිබේ.
කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කරන කාලයේදී වෛද්‍ය ෂාෆි මහතා මව්වරුන්ට වඳ සැක්කම් කළ බවට විවිධ පාර්ශව චෝදනා කළ අතර ඒ හේතුවෙන් වෛද්‍ය ෂාෆි මහතා 2019 වසරේ මැයි මස 24 වැනි දින සිට අනිවාර්ය නිවාඩු යැවීමට සෞඛ්‍ය අමාත්‍යාංය පියවර ගෙන තිබුණි.