විපක්ෂය ග්‍රීස් යක්කු මවනවා - ජොන්ස්ටන්
කෝවිඩ් වෛරසය පවතින කාලයේ විපක්ෂය කිසිදු උදව්වක් නොකල බවත් මෙවැනි විපක්ෂයක් ඇත්තේ ලෝකයේම ලංකාවේ පමණක් යැයිද මහා මාර්ග අමාත්‍ය ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ මිලියන 285 ක් වැය කර ඉදිකිරීමට නියමිත කොළඹ හොරණ මාර්ගයේ බෝකුන්දර 9/2 පාලම සංවර්ධනය කිරීම මෙන්ම මංතීරු හතරකින් සංවර්ධනය කිරීම සඳහා මුල්ගල තැබීමේ උත්සවය ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.
අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කරනුයේ එල්ලීමට වැලක් නොමැතිව සිටින විපක්ෂය පාර්ලිමේන්තු වාර අවසාන කිරීම වැරදි ක්‍රියාවක් බව ඒත්තු ගන්වමින් ජනතාව නොමග යවන බවයි.
“කිරිඇල්ල විපක්ෂයේ ප්‍රධාන සංවිධායක තුමා කියනවා පාර්ලිමේන්තුව වාර අවසාන කිරීම වැරදියි කියලා. එතුමා කියනවා දේශපාලන අර්බුද තියෙනවලු අර්බුද වෙලාවේ පාර්ලිමේන්තුව වාර අවසාන කරන්න එපාලු. මම අහනවා මොනවද තියෙන දේශපාලන අර්බුද කියලා.
1947 සිට මේ දක්වා 50 වරක් පමණ වාර අවසාන කරලා තියෙනවා. මේක අළුත් දෙයක් නෙමෙයි සජිත් ප්‍රේමදාස මහත්තයගෙ පියාණෝත් පාර්ලිමේන්තුව වාර අවසාන කලා දෝෂාභියෝගය වෙලාවෙ. ඒ විතරක් නෙමෙයි වහලා පුටුවල ඌරු තෙල් පවා ගෑවා.
අනික අපි පාර්ලිමේන්තුව ලබන අවුරුද්දේ ජනවාරි 11 වෙනිදා රැස්වෙන්න හිටියේ. දවස් 06ක් ඉවසන්න බැරිද මේ විපක්ෂයට.
විපක්ෂය කොවිඩ් කාලේ කිසිම උදව්වක් නොකල ලෝකෙ එකම විපක්ෂය. දැන් පාර්ලිමේන්තුව රැස් උනාම විපක්ෂය උපදෙස් දෙනවද අපිට.
චන්ද්‍රිකා මැතිණිය,ප්‍රේමදාස මහත්තයා, මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා, ජේ ආර් ජනාධිපතිතුමා මේ හැමෝම
මරු විපක්ෂයක් තියෙන්නෙ මේ වගේ විපක්ෂයක් ලෝකෙටම නැතිව ඇති විපක්ෂය ග්‍රීස් යක්කු මවනවා. කොවිඩ් එකටත් යක්කු යක්කු මැව්වා. දැන් අළුත් යකා තමයි ආර්ථිකය බංකොලොත් කියන එක. ජනතාවට මම කියනවා මේ රට බංකොලොත් වෙන්න ජනාධිපතිතුමා, අගමැතිතුමා හා මුදල් ඇමතිතුමා ඉඩ දෙන්නේ නෑ. බයවෙන්න එපා ඔබව රකිනවා අපේ රජය”


popular news
-
Demuni Uduwara Thursday, 16 December 2021 05:37 PM
Who does incur this plaque, board
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

