saravita-anim2

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

Latest News - timelapse 6438 hours ago

LATEST

පෑලියගොඩ සිනි ගබඩාවකට මුද්‍රා තබයි

calendar_today 2021 සැප් 08 - 15:52 remove_red_eye - 186  

සිනි මෙට්‍රික් ටොන් 1,800ක් සඟවා තිබු පෑලියගොඩ ප්‍රදේශයේ සිනි ගබඩාවකට පාරිභෝගික කටයුතු අධිකාරිය අද මුද්‍රා තැබුවේය.

ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) විසින් නවතම ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් අද (8) ප්‍රකාශයට කර තිබිණි. දකුණු අප්‍රිකාවට එරෙහි තරග 3කින් යුත් එක්දින තරගාවලියේ දී ලකුණු 196ක් රැස් කරමින් දැක් වූ සුවිශේෂී දක්ෂතාව හේතුවෙන් එක්දින පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි 66 වන ස්ථානය දක්වා ස්ථාන 122කින් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාවේ චරිත් අසලංක සමත් වී ඇ​ත.

Read More

මීටර් 300 ක් පමණ දුරක සිට දුරස්ථ පාලකයකින් ක්‍රියාකරවා කොවිඩ් රෝගින්ට බෙහෙත්,ආහාර ලබාදීම මෙන්ම රෝගීන් සමග අදහස් හුවමාරු කරගත හැකි බව කියන ටෙඩී රොබෝවරයෙකු අද (08) පානදුර මූලික රෝහලට පරිත්‍යාග කිරීම සිදුකරන ලදී .

Read More

තල් සංවර්ධන මණ්ඩලයේ තවත් කඩයිමක් පසුකරමින් එහි ඉතිහාසයේ ප්‍රථම වරට ප්‍රංශය, ස්විස්ටර්ලන්තය සහ ජර්මනිය සඳහා බෙදාහැරීමේ නියෝජිතයින් පත්කර තිබේ.

Read More

කොරෝනාවට එරෙහි එන්නත්කරණ වැඩසටහන දිවයින පුරා සාර්ථකව ක්‍රියාත්මක වනවා.

Read More

කොවිඩ් අවදානම සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් වැළකී සිටින ලෙස අමෙරිකානු වසංගත රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය එරට ජනතාවට දැනුම් දී තිබේ.

Read More

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් බව කළුදුර චමින්ද තාබ්‍රේවි නොහොත් බොබ් මාලි යන අය අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය ඉල්ලා සිටියි.

Read More

කොළඹ නගරය තුළ එන්නත්කරණ වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක වූ නිසා මේ වන විට ආසාදිතයන්ගේ සහ මරණ වල සැලකිය යුතු අඩුවීමක් දක්නට ලැබෙන බව කොළඹ නගරසභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා කියා සිටියේය.

Read More

සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් මර්දන තාක්ෂණික කමිටු සාමාජිකත්වයෙන් නිර්වින්දන විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්නද ඉල්ලා අස් වී ඇ​ත. මීට පෙර මෙම තාක්ෂණික කමිටුවෙන් මහාචාර්ය නීලිකා මලවිගේ , කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම යන වෛද්‍යවරුන් ද ඉල්ලා අස්විය..

Read More

මාලදිවයිනේ දූපතක් ගොඩ කිරීම සඳහා ශ්‍රී ලංකාවේ වැලි මාලදිවයිනට පැටවීමේ ජාවාරමකට ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරයෙක් සම්බන්ධ බවට රාසමානික්කම් මන්ත්‍රීතුමා කරුණු ඔප්පු කරන්නේ නම් අමාත්‍ය ධුරයෙන් පමණක් නොව මන්ත්‍රීධුරයෙන් පවා ඉවත්වීමට තමන් සූදානම් බව පරිසර අමාත්‍යවරයා පවසයි

Read More

කිසි ලෙසකින්වත් ජල ගාස්තු වැඩි කරන්නේ නැති බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසනවා.

Read More

දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම හා පැවැති එක්දින තරගාවලිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම වෙත ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සුබ පැතුම් පිරිනමා තිබේ.

Read More

ඊයේ ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ ඇති වූ භූ කම්පන තත්ත්වය පිළිබද සෙවීම සදහා භූ විද්‍යාඥයින් කණ්ඩායමක් යොදවා ඇති බව භූ විද්‍යා හා පතල් කාර්යාංශය සදහන් කරනවා.

Read More

උසස් පෙළ, සාමාන්‍ය පෙළ විශ්ව විද්‍යාල අවසන් වසර විභාග වැනි කඩයිම් විභාග පැවැත්වීම සඳහා අදාළ සිසුන්ට කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහනක් ආරම්භ කර ඔවුන්ට අදාළ විභාග පැවැත්වීමට පියවර ගතයුතු බව​ට වෛද්‍ය රසායනාගාර වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් පවසා සිටියි.

Read More

බන්ධනාගාරයේ රදවා සිටින රැදවියන් හට කොවිඩ් මර්දන එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පිරිසට සහ සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව දිවයින පුරා ඇති බන්ධනාගාරවල රදවා සිටින රැදවියන්ට ලබාදිමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තිරණය කර තිබේ.

Read More

වව්නියාව කනගරායන්කුලම් පොලිස් වසමේ ඒ-9 මාර්ගයේ අද (08දා) උදෑසන සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව පොලීසිය පැවසීය.

Read More

කොවිඩ් රෝගීන් හා සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා අවශ්‍ය සෞඛ්‍ය උපකරණ තොගයක් ඇමරිකානු තානාපති කාර්යාලය හරහා ඇමරිකානු රජය සහ එම ජනතාවගේ පරිත්‍යාගයක් ලෙස ඊයේ ( (07) සවස සෞඛ්‍ය අමාත්‍යාංශයට පරිත්‍යාග කෙරිණි.

Read More

නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කර තිබූ රුපියල් 23,44,642 ක් වටිනා , පෙට්ටි 21 ක අසුරා තිබූ , ඔක්සි මීටර් 4,200ක් කටුනායක ගුවන් තොටුපළ ගුවන් භාණ්ඩ පර්යන්තයෙන් නිදහස් කර ගෙන යමින් සිටියදී , එහි පිටවීමේ දොරටුවෙහි සේවය කළ රේගු නිවාරණ අංශයේ නිලධාරීන් පිරිසක් විසින් දින අත්අඩංගුවට ගෙන , මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට ද පියවර ගෙන ඇති බව , රේගු මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ(නීති කටයුතු ) සුදත්ත සිල්වා මහතා පැවසීය .

Read More

පාසල් විවෘත කිරීම සඳහා සුදුසු වාතාවරණයක් තවමත් නිර්මාණය වී නොමැති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කර සිටියි.

Read More

ශ්‍රී ලංකාවේ එන්නත්කරණ වැඩසටහන යටතේ ඊයේ දිනයේදී එන්නත් 429815ක් ලබාදී ඇතැයි වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි. මේ අතරින් ලක්ෂ 4කට වැඩි පිරිසකට ලබාදී ඇත්තේ චීනයේ නිශ්පාදිත සයිනොෆාම් එන්නතයි.

Read More

සැකකරුවන් වෙනුවෙන් ඇප ඉල්ලීම් ඉදිරිපත් කිරීමේ දී කොවිඩ් වසංගත තත්ත්වයන් සුවිශේෂී හේතුවක් වශයෙන් පිළිගත නොහැකි බව අභියාචනාධිකරණය තීන්දු කර තිබේ.

Read More

අද (08) දිනයේ දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මධ්‍යස්ථාන 416කදී කොවිඩ් මර්දන එන්නත්කරණය සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කර සිටියි.

Read More

ගුරු ගැටලු විසඳිමට අදාළ එකඟතාව ලබාගැනිම සඳහා ජනාධිපතිවරයා හෝ මුදල් අමාත්‍යවරයාගේ සාකච්ජාවක් ලැබෙන තුරු සිය වෘත්තිය අරගලය ක්‍රියාත්මක කරන බව ගුරු විදුහල්පති ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය ප්‍රකාශ කළේය.

Read More

කැබිනට් අමාත්‍යධුරයකට සමාන මහ බැංකු අධිපතිධුරයක් පිළිබඳව රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා බලාපොරොත්තුවෙන් පසුවන බව වාර්තා වෙයි.

Read More

ගතවු පැය 24ක් තුළ නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 674 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

සබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑලිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

2019 වසරට වඩා 2020 දී ක්ෂය රෝගයට ප්‍රතිකාර ලැබූ පිරිස මිලියනයකට වඩා අඩු බවත්, එයින් අනිවාර්යයෙන්ම ලක්ෂ ගණනක් මිනිසුන් මියගොස් ඇතැයි කියා තමා බියට පත්වන සිටින බවත් ගෝලීය ආධාර අරමුදලේ විධායක අධ්‍යක්‍ෂක පීටර් සැන්ඩ්ස් පැවසීය.

Read More

තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානය තුළ නව අන්තර්වාර රජයක් ප්‍රකාශයට පත්කර තිබේ. ඔවුන් ඇෆ්ගනිස්තානය ’’ඉස්ලාමීය එමිරේටය’’ ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

Read More

දකුණු අප්‍රිකාව සමගින් පැවැති එක්දින තරගාවලිය 2-1ක් ලෙස ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වීමත් සමග ICC සුපර් ලීග ශ්‍රේණිගත කිරීම්වලදී ශ්‍රී ලංකාව ස්ථාන 4ක් ඉදිරියට පැමිණීමට සමත්ව තිබේ. ඒ අනුව එහි පස්වැනි ස්ථානය දක්වා ශ්‍රී ලංකාව ඉදිරියට පැමිණියේය.

Read More

2015 නොවැම්බර් 13 වැනි දින මරාගෙන මැරෙන ඇඳුම් ඇඳගත් ජිහාඩ් තුවක්කුකරුවන් විසින් බාර් සහ අවන්හල් 6ක්, බැටක්ලැන් ප්‍රසංග ශාලාව සහ ක්‍රීඩාංගනයක් ඉලක්ක කර ගනිමින් 130දෙනෙකු පමණ සාහසික ලෙස මරා දමමින්, තවත් සිය ගණනක් තුවාල ලැබුවේ ප්‍රංශ ජාතිය තුළ ගැඹුරු වේදනාවක් ඉතිරි කරමිනි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.