ආරක්ෂක අමාත්‍යාංශයේ ආරක්ෂක පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය විසින් දේශීය වශයෙන් නිෂ්පාදිනය කළ ආරක්ෂිත උපකරණ තොගයක් පාර්ලිමේන්තු සංකීර්ණයේ ආරක්ෂාව සදහා ලබාදී තිබේ.
ගුවන් ආරක්ෂක කටයුතු තහවුරු කිරීම සදහා භාවිත කරන ප්‍රතිඩ්‍රෝන ක්‍රියාකාරී පද්ධතියක් සහ ආරක්ෂක සන්නිවේදන උපාංග මෙම උපකරණ තොගයට ඇතුළත් වෙයි.
මෙම උපකරණ ආනයනය කළේ නම් ඒ සදහා වැයවන මුදල රුපියල් මිලියන 19 ක් වන අතර එහෙත් මෙම උපකරණ දේශීය නිපදවීම සදහා වැයවී ඇත්තේ රුපියල් මිලියන 7 කට ආසන්න මුදලක් බවයි ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කර සිටියි.