1981 අංක 66 දරණ මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල් පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතට වෙළෙඳ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරකසභාවේ අනුමැතිය හිමිවිය.
මෙම අනුමැතිය හිමි වූයේ වෙළෙඳ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ගරු අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ ( 25 ) පාර්ලිමේන්තුවේ දී රැස් වූ අවස්ථාවේදී ය.
මෙහිදී මෙම ( සංශෝධන) පනත් කෙටුම්පත මගින් කරුණු 03ක් ප්‍රධාන වශයෙන් සංශෝධනයට ලක් වන බව ගරු අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය. එනම් මහපොළ ශිෂ්‍යත්ව අරමුදල ලලිත් ඇතුලත්මුදලි ශිෂ්‍යත්ව අරමුදල ලෙස නම වෙනස් කිරීම, මහපොළ භාරකාර අරමුදලේ සභාපතිධූරය ජනාධිපතිවරයා විසින් නම් කරනු ලබන විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකුගේ සභාපතිත්වය යටතට පත් කිරීම සහ එම ආයතන පිළිබඳව පොදු දේපල පනත යටතේ කටයුතු කිරීම යන සංශෝධන තුනයි.
මේ අනුව ඉදිරි දිනකදී මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත්කිරීමට නියමිතව තිබේ.
මීට අමතරව ලංකා සතොස නව ශාඛා ඇතිකිරීම පිළිබඳව, විසිතුරු මසුන් වගාව ප්‍රවර්ධනය කොට අපනයනය කිරීම පිළිබඳවද, මුං ඇට රජයෙන් මිලදී ගැනීම වැනි කරුණු පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට භාජනය විය.
