saravita-anim2

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

Latest News - timelapse 6794 hours ago

LATEST

අගමැතිගෙන් සමන් දේවාලයට ඇත් පැටවෙක්

calendar_today 2021 දෙසැ 28 - 16:29 remove_red_eye - 1123  

තිස් වසරක යුද්ධය නිමවා රටට සාමය උදාවීම සමරා රත්නපුර පිහිටි ඓතිහාසික සමන්දේවාල භූමියේ ඉදිකළ ශෛලමය බුද්ධ ප‍්‍රතිමා වහන්සේ ප‍්‍රථම මල් පූජාව සහ සමන් දේවාලයට ඇත් පැටවෙකු පූජා කිරීම අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා අතින් අද (28දා) සිදු කෙරුණි.

සුඩාන ඛනිජ සම්පත් සමාගමේ ප්‍රකාශකයෙකු අඟහරුවාදා පැවසුවේ පුද්ගලයින් 8දෙනෙකු තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි.

Read More

තෙල් ප්‍රවාහන රාජකාරිවලින් ඉවත්වීමෙන් මේ දක්වා තෙල් දුම්රිය ගමන්වාර හතරක් අවලංගු කල බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා සඳහන් කරයි.

Read More

ඉදිරි වසරේ අප්‍රේල් මාසයේ සිංහල අලුත් අවුරුදු සමය වන විට මෙරට ආහාර අර්බුදයක් නිර්මාණය විය හැකි බව එක්සත් ජාතික පක්ෂ නායක මෙන්ම හිටපු අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

Read More

වන අලි ගැටලුවට ‌රජයට විසඳුම් ලබාදිය නොහැකි නම් එම ගැටලුව විසඳා ගැනීම වෙනුවෙන් තමන්ට තුවක්කු ලබාදෙන්නැයි අනුරාධපුර, මහ විලච්චිය ගොවීහු පවසති.

Read More

එක්දින තරග තුනකට එක්වීම සඳහා සිම්බාබ්වේ කණ්ඩායම ලබන මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතය. තරගාවලිය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී දිවා රාත්‍රී තරග ලෙස පැවැත්වෙයි.

Read More

සංවර්ධන සඳහා සෞදි අරමුදලේ මූල්‍ය දායකත්වය යටතේ නවීකරණය කළ බිබිල - චෙංකලාඩි මාර්ගය ජනතා අයිතියට පත්කර තිබේ. මෙම මාර්ගය කිලෝමීටර් 86ක දුරකින් යුක්තය.

Read More

චීන ජනපති ෂී ජින්පින් මහතා එළැඹෙන නව වසර වෙනුවෙන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාටත්, ශ්‍රී ලාංකික ජනතාවට සුබ පැතුම් එක්කර තිබේ.

Read More

වියළි කාලගුණ තත්වය තවදුරටත් පැවතිය හැකි බවත් එහෙත් මේ මස 30 වන දින සිට දින කිහිපයක් නැගෙනහිර, ඌව, උතුරුමැද පළාත්වල සුළු වැසි ප්‍රමාණයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමෙන්තුව සදහන් කරයි

Read More

බුද්ධංගල ආනන්ද හිමියෝ අද පෙරවරුවේ අපවත්වී වදාළ සේක. ගිහි ජීවිතයේදී උන් වහන්සේ වත්මන් මහජන ආරක්ෂක අමාත්‍ය, රියර් අද්මිරාල් (විශ්‍රාමික), ආචාර්ය සරත් වීරසේකර මහතාගේ වැඩිමහල් සහෝදරයා වූහ.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වන ජීවන් මෙන්ඩිස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබේ.

Read More

නයිජීරියාවේ අබුජා හි පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය, ජර්මනියේ ෆ්‍රෑන්ක්ෆර්ට් හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය සහ සයිප්‍රසයේ නිකෝසියා හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය යනාදී විදේශයන් හි පිහිටි දූත මණ්ඩල/දූත කාර්යාල තුන 2021 දෙසැම්බර් 31 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇත.

Read More

සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා දිනවල රාත්‍රී 10.00 දක්වාත්, සිකුරාදා සහ සෙනසුරාදා දිනවල අලුයම 1.00 දක්වාත්, ඉරිදා දිනයේ රාත්‍රී 12. 30 දක්වාත් එසේ එළිමහන් සංගීත ප්‍රසංග පැවැත්වීමට අවස්ථාව ලැබී තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ කොවිඩ් මර්දන ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ තෙවැනි මාත්‍රාව ලෙස ලබා දීම සඳහා ඇමෙරිකාවේ ’’ ෆයිසර් ’’ එන්නත් මාත්‍රා 1,147,770 ක් එමිරේට්ස් ගුවන් සේවයේ ගුවන් යානයකින් අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත ගෙනැවිත් තිබේ.

Read More

ඔමික්‍රෝන් ප්‍රභේදය වැඩිවීම මධ්‍යයේ රෝග ලක්ෂණ නොපෙන්වන්නේ නම්, කොවිඩ්-19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කළ ඇමෙරිකානුවන්ගේ නිරෝධායන කාලය දින 10 සිට 5 දක්වා අඩු කිරීමට එක්සත් ජනපද රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථාන (CDC) කටයුතු කර තිබේ.

Read More

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජනතාවගේ අදහස් අපි අද ලබා ගත්තා. එහෙදී අපිට දැන ගන්න ලැබුනේ හද පාරවන තරම් වු සිද්ධීන්. අපේ භාෂාවෙන් කියනවනම් කෑගහලා අඬන්න තරම් වු සිද්ධීන් අපිට දැන ගන්න ලැබුණා.

Read More

මේ මාසයේ ගතවූ දින 26 (දෙසැම්බර් 01 වෙනිදා සිට දෙසැම්බර් 26 දක්වා) තුළ සංචාරකයන් 69,941 දෙනෙකු මෙරටට පැමිණ ඇතැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. මේ වන විට මේ වසරේ මෙරටට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 174,930 කි.

Read More

ඉරිදා රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පුටින් පැවසුවේ, ’’මම තරණය නොකළ යුතු ’රතු ඉරි’ ගැන කතා කළා. ප්‍රශ්නය නම් අපට ආපසු වැටෙන්නට තැනක් නොමැති වීමයි. ඔවුන් අපව (නේටෝව) එවැනි තැනකට තල්ලු කරමින් සිටිනවා.’’ යනුවෙනි.

Read More

සෝවියට් වාර්තාවලට අනුව නේරුගේ කොංග්‍රස් පක්ෂ ආණ්ඩුවේ සිටි ප්‍රමුඛ වාමාංශික සඟයෙකු සහ නේරුගේ සමීප උපදේශකයෙකු ලෙස කටයුතු කළ ක්‍රිෂ්ණ මෙනන් කෙරෙහි කේජීබිය දැඩි අවධානයක් යොමු කර ඇත. ඔහු ලන්ඩනයේ ඉන්දීය මහකොමසාරිස් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉන්දීය නියෝජිතයා ලෙස කටයුතු කිරීමෙන් පසු 1957දී ආරක්ෂක අමාත්‍යවරයා බවට පත්විය.

Read More

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට බලය හිමි ජා-ඇල නගර සභාවේ නගරාධිපති ශම්මික ඩයස් මහතා විසින් අද (27 දා) ඉදිරිපත් කරනු ලැබු 2022 වර්ෂය සදහා වන අයවැය ඇස්තමේන්තුව පරාජයට පත් විය.

Read More

එක්සත් රාජධානියේ කුලී රථ ගාස්තු 10%කින් ඉහළ ගොස් ඇති අතර, පාවිච්චි කරන ලද මෝටර් රථවල වටිනාකම වැඩි වෙමින් අවුරුදු තුනක් පරණ Mini හැච්බැක් රථයක් 2019 දී එම වයසේ කාරයකට වඩා 2021 දී 57%කින් මිල වැඩි වී ඇත.

Read More

කටාන කිඹුලපිටිය ප්‍රදේශයට අද දින හදිසියේ ඇතිවූ කාර්මික දෝශයක් හේතුවෙන් ගොඩ බැස්වූ ගුවන් යානය අයත් සකුරායි ගුවන් සමාගමේ සියලු ගුවන් සේවා වහාම ක්‍රියාත්මකවන පරිදි අත්හිටුවීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය පියවර ගෙන තිබේ.

Read More

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සාමාජීය විද්‍යා පීඨයේ නව අධ්‍යන වර්ශය 2022 ජනවාරි මස 01 වැනි දින ආරම්භ කරන බව එම ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය නිවේදනයක් මගින් සඳහන් කරයි.

Read More

ජර්මනියේ ඔමික්‍රෝන් ප්‍රභේදයේ තහවුරු වූ රෝගීන් සංඛ්‍යාව පෙර දිනට වඩා 17%කින් වැඩි වූ අතර, ඉරිදා වනවිට සමස්ත ඔමික්‍රෝන් ආසාදිතයන් සංඛ්‍යාව 7,225ක් දක්වා ඉහළ ගිය බව RKI සඳුදා පැවසීය.

Read More

පිළියන්දල මහරගම මාර්ගයේ දොලේකනත්ත හංදියේ පිහිටි, දෙමහල් ගොඩනැගිල්ලක අද (27) ඇතිවූ ගින්නකින් රුපියල් ලක්ෂ විස්සකට ආසන්න වාහන අමතර කොටස් තොගයක් මුළුමනින්ම විනාශ වී ඇතැයි මහරගම පොලිසිය සඳහන් කරයි.

Read More

අධික හිම නිසා ටෝකියෝ සහ ඔසාකා අතර දිවෙන මාර්ගයද මන්දගාමී වේගයකින් ක්‍රියාත්මක විය. අධික හිමපතනය අඟහරුවාදා දක්වා පැවතිය හැකි බවත්, තද සුළං මෙන්ම අයිස් සහිත මාර්ග පිළිබඳවද අවධානයෙන් සිටිය යුතු බවට කාලගුණ ඒජන්සිය අනතුරු අඟවා ඇත.

Read More

මගී ප්‍රවාහන ගුවන් යානයක හටගත් කාර්මික දෝශයක් හේතුවෙන් කටාන කිඹුලපිටිය ප්‍රදේශයට ගොඩබැස්වීමට ගුවන් නියමුවා පියවර ගෙන ඇත.

Read More

ගෑස් කාන්දුවකින් කල්පිටිය කුරක්කන්හේන ගම්මානයේ නිවසක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.

Read More

මහනුවර කුඩාරත්වත්ත මාවත පවත්වාගෙන යනු ලබන ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි කිරීමේ ස්ථානයකට පිටපලාත් තුළින් ගෙන්වන වැලි සමඟ කුඩා කිඹුල් පැටවුන් ද පැමිණීම හේතුවෙන් මහවැලි ගඟට කිඹුලන් බෝ වීමේ අවදානමක් මතු වී ඇති බව ප්‍රදේශවාසීන් සඳහන් කරයි.

Read More

දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ඇතුලු නිලධාරීන් අතර පැවති සාකච්ඡාව අසාර්ථක වූ බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා සඳහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.