දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ඇතුලු නිලධාරීන් අතර පැවති සාකච්ඡාව අසාර්ථක වූ බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා සඳහන් කරයි.
දුම්රිය ස්ථානාධිපතිවුරුන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් මෙම සාකච්ඡාව පැවැත්වුණි.
මේ අතර දුම්රිය ස්ථානාධිපතිවරුන් තව දුරටත් වෘත්තිය ක්‍රියාමාර්ගයන් හී නිරතවන්නේ නම් ඉදිරියේදී දුම්රිය ධාවනය අත්හිටුවීමට පියවර ගන්නා බව දුම්රිය නියාමක සංගමයේ ලේකම් මනුර පීරිස් මහතා සඳහන් කරයි.
ඊයේ (26) පැවති මාධ්‍ය හමුවකදි ඔහු සඳහන් කරනුයේ රජයට පාඩුවන වෘතිතය ක්‍රියාමාර්ග දිගින් දිගටම ක්‍රියාත්මක කරන්නේනම් එවැනි ක්‍රියාවන්ට සහයෝගය නොදී දුම්රිය ධාවනයෙන් ඉවත්වීමට තම සංගමය සූදානම් බවයි.