පිළියන්දල මහරගම මාර්ගයේ දොලේකනත්ත හංදියේ පිහිටි, දෙමහල් ගොඩනැගිල්ලක අද (27) ඇතිවූ ගින්නකින් රුපියල් ලක්ෂ විස්සකට ආසන්න වාහන අමතර කොටස් තොගයක් මුළුමනින්ම විනාශ වී ඇතැයි මහරගම පොලිසිය සඳහන් කරයි.
කෙසේ වෙතත් ගින්නෙන් ජීවිත හානි කිසිවක් සිදුව නොමැති බවද සඳහන්.
අද මධ්යහනයේදී මෙම මෙම ගොඩනැගිල්ලේ පහල මාලයේ ගින්නක් හටගෙන ඇති අතර පසුව එය උඩුමහලට පැතිර ගොස් එහි තිබූ විදේශ රටවලින් මෙරටට ආනයනය කළ වාහන අමතර කොටස් තොගයක් මෙසේ ගින්නෙන් මුළුමනින්ම විනාශ වී තිබේ.
ගින්න හටගැනීමත් සමග දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ සහ කෝට්ටේ නගර සභාවේ ගිනි නිවන රථ හතරක් එම ස්ථානයට පැමිණ ගින්න සම්පූර්ණයෙන්ම නිවා දැමූ බවද පොලීසිය කියයි.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර වැඩිදුර පරීක්ෂණ පිළියන්දල පොලිසිය පවත්වයි.
- ශාන්ත ප්රදීප් කුමාර කුලරත්න



