ෆයිසර් එන්නත් මාත්‍රා මිලියනයක් ගෙන එයි
ශ්‍රී ලංකාවේ කොවිඩ් මර්දන ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ තෙවැනි මාත්‍රාව ලෙස ලබා දීම සඳහා ඇමෙරිකාවේ " ෆයිසර් " එන්නත් මාත්‍රා 1,147,770 ක් එමිරේට්ස් ගුවන් සේවයේ ගුවන් යානයකින් අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත ගෙනැවිත් තිබේ.
කිලෝ ග්රැම් 4,485 ක් බර මෙම එන්නත් තොගය පෙට්ටි 137 ක අසුරා මුලින්ම ඇමෙරිකාවේ සිට ගුවන් මගින් නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නුවර වෙත ගෙන ආ අතර , එතැන් සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි වෙත ගෙනැවිත් තිබේ.
ඊට පසුව ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648 දරන ගුවන් යානයෙන් 12/28 දින අලුයම 12.29 ට මෙම එන්නත් තොගය කටුනායක ගුවන් තොටුපළ වෙත ගෙනැවිත් තිබේ. සෙල්සියස් ඍණ අංශක අසූවක (-80 C°) උෂ්ණත්වයක් යටතේ මෙම එන්නත් තොගය සුරැකිව තබා ගත යුතු අතර , කටුනායක ගුවන් තොටුපළේ දී ත් , ගුවන් යානා තුළ දීත් එම උෂ්ණත්වය යටතේ , මෙම එන්නත් තොගය පවත්වා ගෙන ගොස් තිබුණි.
පසුව ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ විශේෂ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මගින් ඔවුන්ගේ කොළඹ පිහිටි මධ්‍යම ඖෂධ ගබඩා සංකීර්ණය වෙත මෙම එන්නත් තොගය රැගෙන යාමට පියවර ගෙන තිබුණි .
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

