බුද්ධංගල ආනන්ද හිමියෝ අද පෙරවරුවේ අපවත්වී වදාළ සේක. ගිහි ජීවිතයේදී උන් වහන්සේ වත්මන් මහජන ආරක්ෂක අමාත්‍ය, රියර් අද්මිරාල් (විශ්‍රාමික), ආචාර්ය සරත් වීරසේකර මහතාගේ වැඩිමහල් සහෝදරයා වූහ.
ඒසේම ගිහි දිවියේදී උන් වහන්සේ ශ්‍රී ලංා යුද හමුදාවේ මේජර් ජනරාල්වරයෙක් ලෙස කටයුතු කළහ. යුද හමුදාවෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව උන්වහන්සේ පැවිදි දිවියට පිවිසියහ. අපවත්වෙන වන විට උන් වහන්සේ 78 වැනි වියේ පසුවූහ.
