මගී ප්‍රවාහන ගුවන් යානයක හටගත් කාර්මික දෝශයක් හේතුවෙන් කටාන කිඹුලපිටිය ප්‍රදේශයට ගොඩබැස්වීමට ගුවන් නියමුවා පියවර ගෙන ඇත.
එහිදි ගුවන් යානය ගොඩ බැස්වීමේදි සිදුවු අනතුරකින් පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.
අනතුරින් තුවාල ලබා ඇත්තේ ගුවන් නියමුවා සහ නියමුවරිය මෙන්ම එහි ගමන් කල කාන්තාවක බව පොලීසිය සඳහන් කරයි.
මෙම පුද්ගලික ගුවන් යානය සංචාරක යුවළක් රැගෙන රත්මලානේ සිට සීගිරිය බලා පියාසර කර නැවත කොක්ගල ප්‍ර දේශයට පියාසර කරමින් තිබෙන අතරවාරයේ මෙම කාර්මිකදෝශය හට ගෙන ඇතැයි සඳහන්.
තුවාල ලැබු සිව් දෙනාම මේ වනවිට මීගමුව රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.