ඉදිරි වසරේ අප්‍රේල් මාසයේ සිංහල අලුත් අවුරුදු සමය වන විට මෙරට ආහාර අර්බුදයක් නිර්මාණය විය හැකි බව එක්සත් ජාතික පක්ෂ නායක මෙන්ම හිටපු අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.
එමෙන්ම වාර්තා වන අන්දමට මෙවර අස්වැන්න ගියවර අස්වැන්නට සාපේක්ෂව 60 ෴කින් අඩුවී ඇතැයි ද මේ හේතුවෙන් ඉදිරියේදී ජනතා පිපිරීමක් ඇතිවිය හැකි බවත් එය ආණ්ඩුවට මෙන්ම සමස්ථ පාර්ලිමේන්තුවටද බලපෑ හැකි බව ඔහු සඳහන් කරයි.
තවද කෝවිඩ් වසංගත තත්ත්වට හමුවේ 2021 වසරේදී බොහෝ රටවල් ආර්ථික ප්‍රගතියක් පෙන්නුම් කර ඇති බවත් ශ්‍රී ලංකාවද එම ප්‍රශ්න විසඳා ගත යුතු බවත්. එහිදි ආණ්ඩුව වහාම ජාත්‍යන්තර මූළ්‍ය අරමුදල වෙත ගමන් කර ආධාර ලබා ගත යුතු බවත් එසේ නොවේනම් පිලිගත හැකි විකල්පයක් ඉදිරිපත් කල යුතු පවත් එජාප නායකවරයා අවධාරණය කරයි.
එමෙන්ම මේ වන විට ආණ්ඩුව ඉන්දියාවෙන් ණයට තෙල් සහ ආහාර ලබා ගැනීමට සාකච්ඡා පවත්වන බවත් එම සාකච්ඡා ඉක්මනින් අවසන් කළ යුුතු බවත් ණයට තෙල් ගැනීම හෝ ණයට ආහාර ලබා ගැනීම තුලින් රටේ ප්‍රශ්න විසඳිය නොහැකි නමුත් කෙටිකාලීන සහනයක් ඒ තුලින් ලබා ගත හැකි බවද හිටපු අග්‍රාමාත්‍යවරයා සඳහන් කරයි.