තෙල් ප්‍රවාහන රාජකාරිවලින් ඉවත්වීමෙන් මේ දක්වා තෙල් දුම්රිය ගමන්වාර හතරක් අවලංගු කල බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා සඳහන් කරයි.
දුම්රිය ස්ථානාධිපතිවරුන් තෙල් ප්‍රවාහන රාජකාරිවලින් ඉවත් වීමත් සහග කොළඹ සිට මඩකලපුව දක්වාත්, අනුරාධපුර පේරාදෙණිය සහ ගාල්ල යන ගමනාන්තයන් දක්වා ධාවනය වීමට නියමිතව තිබූ තෙල් දුම්රිය හතරක්ද මේ අනුව අවලංගු කල බව සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කරයි.
ශ්‍රී ලංකා ඉන්දන සැපයුමෙන් සියයට 30-40ත් අතර ප්‍රමාණයක් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ප්රවාහණය කරන බව කී සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කරනුයේ සීදුව සිට ත්‍රිකුණාමල දක්වා භාණ්ඩ ප්‍රවාහනය කරන දුම්රිය සහ කන්ටේනර් ප්‍රවාහන දුම්රිය ද වර්ජනය හේතුවෙන් අවලංගු කිරීමට සිදුව ඇති බවත් මේ හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට විශාල මූළ්‍ය පාඩුවක් සිදුව ඇති බවයි.