saravita-anim2

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා

Latest News - timelapse 6298 hours ago

LATEST

අතුරුදන් වු ඉන්දීය ධිවරයාගේ සිරුර හමුවේ

calendar_today 2021 ඔක් 21 - 11:20 remove_red_eye - 199  

මෙරට මුහුදු සිමාවේ නීතිවිරෝධි ලෙස ධිවර කර්මාන්තයේ යෙදි සිටියදි අනතුකට ලක් වු ධිවර යාත්‍රාවක සිට අතුරුදන් වු ධිවරයාගේ මළ සිරුර සොයාගත් බව නාවික හමුදාව පැවසීය.

අද දිනයේ පැවැත්වෙන පාර්ලිමේන්තු සභාවාරය සඳහා සහභාගී වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මීට මිට වේලාවකට පෙර පාර්ලිමේන්තුව වෙත පැමිණ තිබේ.

Read More

වයස අවුරුදු 16,17,18 සහ 19 යන වයස්හි පසුවන සියලු පාසල් සිසුන්ට කොවිඩ් 19 මර්දන ෆයිසර් එන්නත ලබාදීම හෙට සිට සියලුම පාසල්හි ආරම්භ කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ ප්‍රථම සය නිවුන් දරු උපත අද (21) අලුයම කොළඹ පෞද්ගලික රෝහලකදී සිදු වී ඇත.

Read More

අන්තර් පළාත් බස් රථ ධාවනය ආරම්භ කිරීම තවදුරටත් කල් දැමීමට ප්‍රවාහන බපලධාරීන් තීරණය කර තිබෙනවා.

Read More

මෙතෙක් මාදු ගඟට පමණක් සීමාවී තිබූ දැඩිලෙස තර්ජනයට පත් කඩොලාන විශේෂයක් වන රතමිල්ල (Lumnitzera littorea) ශාකය බෙන්තර ගඟ ආශ්‍රිත කඩොලාන පරිසර පද්ධතියෙන්ද මේ වනවිට වාර්තා වී තිබේ.

Read More

පළමු අදියර යටතේ ළමුන් 200ට අඩු පාසල්වල පළමුවන ශ්‍රේණියේ සිට පස්වන ශ්‍රේණිය දක්වා ප්‍රාථමික අංශ අද (21) දිනයේ නැවත විවෘත වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසා සිටියි.

Read More

රුපියල් 122ක උපරිම සිල්ලර මිලකට අලෙවි කිරීමට හැකි අයුරින් අඩු මිලට සීනි තොග නොලැබීම නිසා මේ වන විට වෙළෙඳ පොළේ සීනි හිඟයක් නිර්මාණය වී ඇතැයි වෙළෙඳසල් හිමියෝ පවසති.

Read More

රටට මහා ශක්තියක් සපයන මේ රටේ තරුණ පරම්පරාව රට අත්හැර යන තත්ත්වයකට පත්ව ඇති බවත්, රටේ තරුණ පරම්පරාව පාස්පෝට් පෝලිමකට ඇද දැමූ ආණ්ඩුව තරුණ ජීවිත සමග සෙල්ලම් කරමින් සිටින බවත් විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය.

Read More

මෙම වසරේ මුල් කාර්තු තුන තුළදී චීන ආර්ථිකය ස්ථාවර ලෙස යථා තත්ත්වයට පත්වූ අතර, ප්‍රධාන දර්ශක සාධාරණ පරාසයක පැවතුන බව නිල දත්ත පෙන්නුම් කරයි.

Read More

2021 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ අයර්ලන්ත කණ්ඩායම අතර පැවැත්වූ තරඟයෙන් ලකුණු 70ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

Read More

ද චයිනා නැෂනල් එනර්ජි ඉන්ජිනියරින් ඇන්ඩ් කන්ස්ට්‍රක්ෂන් සමාගම (CNEE) ශ්‍රී ලංකාව තුළ මෙගාවොට් 400 ක පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 800 ක් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට ඉදිරිපත් වී ඇත. මේ සඳහා අවශ්‍ය වන උපකරණ සහ දැනුම කේ.ඊ. ඉලෙක්ට්‍රික් ආයතනය (KE Electric) විසින් සපයනු ලැබේ.

Read More

’’ඇත්තෙන්ම අපට සිත්ගන්නාසුලු දිනයක් වන්නේ සීනොවැක් මාත්‍රාවන් වැඩි ප්‍රමාණයක් ලැබුණු නිසයි. මේ නිසා විශාල ජනගහනයකට එන්නත් ලබාදීම අවස්ථාව හිමිවන අතර, එමගින් අපේ ආර්ථිකය සම්පුර්ණයෙන්ම විවෘත කළ හැකි වෙනවා’’ උගන්ඩා ඇමතිනිය පැවසීය.

Read More

2021 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ අයර්ලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන විස්සයි විස්ස තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණූ 171ක් රැස් කිරීමට සමත් විය.

Read More

මහකන්නය වෙනුවෙන් අවශ්‍ය දියර පොහොර ගෙන්වීමේ පළමු අදියර ලෙස ඇණවුම් කළ නැනෝ නයිට්‍රජන් දියර පොහොර ලීටර් ලක්ෂයක තොගයක් අද අලුයම දිවයිනට රැගෙන එනු ලැබුවා. ඒ ඉන්දියාවේ සිටයි.

Read More

දුප්පත් රටවලට අවශ්‍ය එන්නත් නොලැබෙන හෙයින්, කොවිඩ්-19 වසංගතය අමතර වසරක කාලයක් පවතී යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

Read More

වැල්ලවාය, ඇල්ල වලේ දිය නාමින් සිටි එකම පවුලේ තිදෙනෙකු 20 දින සවස දියේ ගිලී මියගොස් ඇති බව පොලිසිය කියයි. කාත්තන්කුඩ් ප්‍රදේශයේ සිට විනෝද චාරිකාවක පැමිණි පියා (35) පිරිමි දරුවා (15) සහ දියණිය (09)යන තිදෙනා දිය නාමින් සිටියදි එකවර අතුරුදන්ව සිටියදි අවට සිටි සංචාරකයින් පිරිසක් සුළු මොහොතකට පසු දියෙන් ගොඩට ගනිද්දීත් මියගොස් සිටි බව පොලිසිය කියයි.

Read More

2021 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ අයර්ලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන විස්සයි විස්ස තරඟයේ කාසිය වාසිය දිනාගැනීමට අයර්ලන්ත කණ්ඩායම සමත් වි​ය. ඒ අනුව ඔවුන් ප්‍රථමයෙන් පළමුව පන්දු යැවීමට තීරණය කරයි.

Read More

රුසියානු ප්‍රහාරක කණ්ඩායම් විසින් එක්සත් ජනපද ගුවන් හමුදාවේ සුපර්සොනික් බී-1 බී බෝම්බ හෙළන යානා දෙකක් සහ කේසී -135 ඉන්ධන පිරවුම් ගුවන් යානා දෙකක් මෙසේ හඳුනාගෙන ඇත.

Read More

දශක කිහිපයක් පදිංචි වී සිටියත් නීත්‍යානුකූල ඔප්පු නැති පවුල්වලට, ඔවුන්ගේ නිවෙස්වලටම ගොස් ඔප්පු ලබාදෙන වැඩපිළිවෙළක් දැන් ක්‍රියාත්මක වෙනවා.

Read More

විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් සහ සෞඛ්‍ය බලධාරීන් අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබේ.

Read More

වසර ගණනාවකට පසුව එරට සිදුවූ මෙම බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිව යුත්තේ කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.

Read More

පාසල් පරිශ්‍රය සුරක්ෂිත බවත් දරුවන් පාසලට එවීමට කිසිදු බියක් සැකක් ඇති කරනොගන්නා ලෙස ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා දෙමාපියන්ට පණිවිඩයක් ලබා දෙමින් 20 දින පැවසිය.

Read More

භගවත් ගීතාවේ සිංහල, දමිල හා ඉංග්‍රීසි අනුවාද සහිතව ශ්‍රී ලංකාවේ පරිවර්තනය කරන ලද කෘතියේ පළමු පිටපත ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා වෙත අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් පිරිනමා තිබේ.

Read More

උතුරේ ධීවර ප්‍රශ්නයට විසදුම ඉන්දියාව හා ශ්‍රී ලංකාව මනා අවබෝධයෙන් යුතුව ගත යුතු බව අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා පවසනවා.

Read More

සිසුන් 200ට වඩා අඩුවෙන් සිටින පාසැල් හෙට දිනයේ ආරම්භ කිරීමට සියලු කටයුතු මේ වන විට සුදානම් කෙරෙමින් පවතිනවා.

Read More

හෙට (21දා) සිට ධාවන ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණු ‍දුම්රිය ධාවනය නැවත දැනුම්දෙනතුරු අවලංගු කර ඇති බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර මහතා පවසයි. දුම්රිය ධාවන කටයුතු ආරම්භ කිරීම වෙනුවෙන් දුම්රිය ස්ථාන මෙහෙයුම් කාර්ය මණ්ඩල කැඳවීම සිදුකර තිබුණද ඊයේ (19දා) පෙරවරුවේ එය අවලංගු කර ඇතිබව දුම්රිය දෙපාර්තමේන්තුව විසින් දැනුම් දීම මත මෙලෙස දුම්රිය ධාවනය අවලංගු කිරීමට සිදුවූ බව හෙතෙම පවසයි.

Read More

ඉතා සූක්ෂම ආකාරයෙන් නවීන මොටර් රථ සදහා මොටර් රථ ප්‍රවාහන අධිකාරියෙන් නිකුත් කරනු ලබන අංක තහඩු වලට සමාන ලෙස සකසන ව්‍යාජ අංක තහඩු වාහන වලට සවි කිරීමේ ස්ථානයක් වැටලීමට පොලිස් විශේෂකාර්ය බලකායට හැකි වුණා.

Read More

දැනට ක්‍රියාත්මක පළාත් අතර සංචරණ සීමා ලබන 31 වන දින දක්වා දීර්ඝ කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ උපදෙස් ලබාදුන් බව යුද හමුදාපතිවරයා පවසා සිටියි.

Read More

පරිසර අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකාවේ ගංගා 103ම සංරක්ෂණය සඳහා ආරම්භ කර ඇති සුරකිමු ගංගා වැඩසටහන සඳහා රජය විසින් 2021 වසර සඳහා ලබා දී ඇති රුපියල් මිලියන 200ම රටේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි ගංගා ආශ්‍රිතව හඳුනාගන්නා ලද ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා මේ වනවිට ඒ ඒ දිස්ත්‍රික්ක ලේකම් කාර්යාල වෙත බෙදා දී ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.