ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය උසස් ස්ථානයකට පත්වෙමින් තිබෙන බවත් අද (17දා) රාත්‍රීයේ ශ්‍රී ලංකාව තුළ විදේශීය සංචාරකයන් 46,942 කු රැදී සිටින බවත් ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා ප්‍රකාශ කළේය.
ඒ අනුව සාමාන්‍යයෙන් දිනකට විදේශීය සංචාරකයන් 3,000 ක් පමණ ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටින බව ද සභාපතිවරයා පැවසීය .
විදේශීය සංචාරකයන් මෙරටට ගෙන ඒම සඳහා විදේශීය ගුවන් සේවා සමාගම් 22 ක් පමණ දැනට දායක වී ඇති අතර තවත් විදේශීය ගුවන් සේවා සමාගම් රාශියක්ම ශ්‍රී ලංකාව සමග ගුවන් සේවා සබදතා ආරම්භ කිරීමට සූදානමින් සිටින බවද සභාපතිවරයා අනාවරණය කළේය.
මෙම පසුබිම යටතේ ශ්‍රී ලංකාවේ සංචාරක හෝටල් වෙත ද සුබදායී කාළසීමාවක් උදා වී ඇති බවත් ඒ අනුව තංගල්ල සංචාරක හෝටලයක එක් රාත්‍රියකට එක් කාමරයක් සඳහා රුපියල් 50,000 ක පමණ මුදලක් අය කරන බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය .