මොනරාගල ජීලෝන් කඳුවැටිය මාර්ගයේ ජලටැංකිය අසල 09 වංගුවේදී ඊයේ (17දා) සවස ට්‍රැක්ටර් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් ට්‍රැක්ටර් රථයේ රියැදුරු සහ එහි සහායක ජීවිතක්ෂයට පත්ව ඇති බව මොනරාගල පොලීසිය පැවසීය.
මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇත්තේ ට්‍රැක්ටර් රථයේ රියැදුරු වශයෙන් කටයුතු කළ බඩල්කුඹුර අතල පදිංචි දෙනිපිටිය මාණික්‍යගේ දයා ඩග්ලස් (58) නැමති තිදරු පියෙකු හා සහායක ලෙස කටයුතු කළ මොනරාගල කුමාරවත්ත පදිංචි කිට්නන් සිවයෝගන් (55) නැමති තිදරු පියෙකි.
මෙම දෙදෙනා මොනරාගල කුමාරවත්ත මාර්ගය කාපට් කරන පුද්ගලික සමාගමක සේවයකර ඇති අතර මාර්ගයට අවශ්‍ය කාපට් මිශ්‍රණ මොනරාගල සිට ජීලෝන් කඳුවැටියේ ඉහළ මාර්ගයේ කොටසට රැගෙනගොස් දමා ආපසු එමින් සිටියදී 09 වංගුව අසලදී ට්‍රැක්ටර් රථයේ එන්ජින් කොටස ට්‍රේලරයෙන් ගැලවී ප්‍රපාතයට වැටී ඇත.
ප්‍රදේශවාසීන් සිද්ධිය පිළිබඳව පොලීසියට දැනුම්දීමෙන් අනතුරුව පොලිස් නිලධාරීන් පැමිණ ප්‍රදේශවාසීන්ගේද සහාය ඇතිව තුවාලකරුවන් මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත්කර තිබේ.ඇතුලත්කරන විටත් සහායකවරයා මියගොස් සිටි අතර ට්‍රැක්ටර් රථයේ රියදුරු ඊට ටිකවේලාවකට පසු මියගොස් තිබේ.
මොනරාගල මූලස්ථාන පොලිස් පරීක්ෂක පී.එස් චාමින්ද සංජීව මහතාගේ උපදෙස් පිට මොනරාගල රථ වාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බුද්ධික අබේකෝන් මහතා සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
මොනරාගල සුමනසිරි ගුණතිලක