ශ්රි ලංකා ගුවන් හමුදාවේි දක්ෂ කිර්තිමත් ගුවන් හමුදාපතිවරයෙකු වු එයාර් චීෆ් මාර්ෂල් පිඑචි මෙන්ඩිස් මහතා 2022 ජනවාරි මස 18 වන දින අභාවප්රාප්ත වු අතර අවසන් ගෞරව දැක්විම සඳහා දේහය ගල්කිස්ස ප්රදේශයේ පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර ඇත.දේහය පිළිබද අවසන් කටයුතු 2022 ජනවාරි මස 19 වන දින පස්වරු 02.00ට ගල්කිස්ස නිසල සෙවන පොදු සුසාන භූමියේදි පුර්ණ ගුවන් හමුදා ගෞරව සහිතව සිදු කිරිමට නියමිතය.
එයාර්චීෆ් මාර්ෂල් පත්මන් හරිප්රසාද මෙන්ඩිස් (පැඩි මෙන්ඩිස්) 1933 වර්ෂයේ ජනවාරි මස 24 වන දින උපත ලැබු අතර, ඔහු 1951 වසරේ අගෝස්තු මස 08 වන දින පස්වන ආධුනික නිලධාරියා ලෙස රාජකිය ලංකා ගුවන්හමුදාවට බැඳුණි.
අනතුරුව ඔහු මූලික පුුහුණුව හා ගුවන් නියමු උපදේශක පුහුණුව බ්රිතාන්යයේදි ලැබු අතර එවකට බලපන්ති ලුතිනන් පිඑචි මෙන්ඩිස් මහතා සුදුසුකමි ලත් පියාසර උපදේශකයකු ලෙස පහුණුව ලැබු පළමු ශ්රි ලාංකිකයාද විය.
ඉතා දක්ෂ නිලධාරියකු වු එයාර් චීෆ් මාර්ෂල් පිඑචි මෙන්ඩිස් මහතා 1971 වසරේ ජනවාරි මස 01 වන දින රාජකීය ලංකා ගුවන් හමුදාෙවි සිව්වන ගුවන් හමුදාපතිවරයා වශයෙන් පත් වු අතර ඔහු රාජකීය ලංකා ගුවන් හමුදාවෙන් වෘත්තීය ජිවිතය ආරමිභ කරමින් එම හමුදාවේම ගුවන් හමුදාපති වරයා ලෙස පත්වු පළමු ශ්රි ලාංකිකයා ද විය.
1972 වසරේදි ශ්රි ලංකාව ජනරජයක් බවට පත්විමත් සමග රාජකිය ලංකා ගුවන් හමුදාව ශ්රි ලංකා ගුවන් හමුදාව බවට පත්විය. ඒබැවින් එයාර් චිෆ් මාර්ෂල් පිඑචි මෙන්ඩිස් මහතා ශ්රි ලංකා ගුවන් හමුදාවේ පළමු ගුවන් හමුදාපති ලෙස ඉතිහාස ගත වේ.




