සේවක අර්ථ සාධක අරමුදල කොටස් හිමිකම්වල සිදුකළ ආයෝජනවල වටිනාකම 2021 වසර තුළ වාර්තාගත අන්දමින් ඉහළ ගොස් ඇති බව මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
2021 දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වූ වසර තුළ සේවක අර්ථසාධක අරමුදලේ කොටස් හිම්කම් වටිනාකම රුපියල් බිලියන 112 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඒ සඳහා සිදුකළ වැය රුපියල් බිලියන 84ක් බවද ඔහු සිය ට්විටර් ගිණුමෙන් පවසයි.
ඒ අනුව සේවක අර්ථසාධක අරමුදලේ කොටස් හිමිකම් අගය රුපියල් බිලියන 28කින් ඉහළ ගොස් ඇති බව මහබැංකු අධිපතිවරයා පවසයි.