ඇමෙරිකානුවන් පහකින් එක් අයෙකුට කොවිඩ්-19 වැලඳිලා
- 18 01 2022
- 19:00
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ දත්තවලට අනුව, ඇමෙරිකා එක්සත් ජනපදයේ වසංගතය ආරම්භයේ සිට ඇමෙරිකානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙකුට කොවිඩ්-19 ආසාදනය වී තිබේ.
අඟහරුවාදා වනවිට එක්සත් ජනපදය පුරා කොවිඩ්-19 ආසාදිතයන් 66,000,000කට වඩා වාර්තා වී ඇති අතර, එය එක්සත් ජනපද ජනගහනයෙන් පහෙන් එකක් පමණ වේ.
එසේම අඟහරුවාදා වන විට රට තුළ කොවිඩ්-19 මරණ 851,000කට වඩා වාර්තා විය.
අධික ලෙස බෝවන ඔමික්‍රෝන් ප්‍රභේදය හේතුවෙන් එක්සත් ජනපදය දෙසැම්බර් මැද සිට නව කොවිඩ්-19 නැගීමක් දැක තිබේ.
එක්සත් ජනපදයේ රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථානවල නවතම දත්තවලට අනුව, රට තුළ දැන් සෑම දිනකම නව කොවිඩ්-19 ආසාදිතයන් 800,000කට ආසන්න සංඛ්‍යාවක් සහ නව මරණ 1,800කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා කරන්නේ, සතියෙන් සතිය සැලකිය යුතු ලෙස ආසාදන ඉහළ යමිනි.



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
