ශ්රී ලංකාවේ ඇතැම් සංචාරක ආයතන 'විදේශිකයන්ට පමණයි' යනුවෙන් වෙන් කර සේවාවන් සපයයි නම් ඒ වෙනුවෙන් දැඩි ක්රියාමාර්ග ගන්නා බව ශ්රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
ඇතැම් සාංචාරක සේවා සපයන ආයතන දේශීය ජනතාව නොසළකා හරිමින් විදේශිකයන්ට පමණක් සේවා සැපයීමට කටයුතු කරන බවට ලැබුණ තොරතුරු අනුව සංචාරක සංවර්ධන අධිකාරිය මෙම තීරණය ගෙන තිබේ.
එම ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ජාතිය, ආගම, කථාකරන භාෂාව, ස්ත්රී පුරුෂ බව,