saravita-anim2

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

Latest News - timelapse 6145 hours ago

LATEST

සිරිල් ගාමිණී පියතුමන් CIDයෙන් පිටව යයි

calendar_today 2021 නොවැ 15 - 18:16 remove_red_eye - 220  

ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි ආචාර්ය සිරිල් ගාමිණි පියතුමන් මීට ටික වේලාවකට පෙර පිටව ගොස් තිබේ.

මීරිගම ප්‍රදේශයේ ගිලා බැසීමට ලක් වූ දුම්රිය මාර්ගය තාවකාලිකව පාලමක් යොදා යථා තත්ත්වයට පත් කෙරෙමින් පවතිනවා.

Read More

මේ දිනවල පවතින අධික වාර්ෂාව නිසා හානියට පත්ව ඇති වගා කළ කුඹුරු ඉඩම්වල හානිය තක්සේරු කොට එම ඉඩම් හිමි ගොවීන්ට සහන ලබා දීමට රජය තීරණය කර තිබෙනවා.

Read More

තනි පුද්ගලයෙකුට මේ අසීමිත බලතල දුන්නාම ඒ පුද්ගලයා පිස්සෙක් වෙනවා. ඔලුව නරක් වෙනවා. සමාවෙන්න ඒ වචනය කිව්වාට. ඊට පස්සේ තමන්ට ඕනෑ අය පමණක් ලංකරගෙන රටක් පාලනය කරන්න හදනවා

Read More

2021 පන්දුවාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉහළ දක්ෂතා දැක් වූ ක්‍රීඩකයින් ඇතුළත් කරමින් ලෝක කණ්ඩායමක් ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් නම් කර තිබේ.

Read More

මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීති ප්‍රතිසංස්කරණ හඳුනා ගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධනයන් ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ” කාලය 2022 ජනවාරි 16 දක්වා දීර්ඝ කළ යුතුය යනුවෙන්, සභානායක, අධ්‍යාපන අමත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවට 2021.11.15 ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය හිමිවිය.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරා වන රියාජ් බදියුදීන් දැඩි කොන්දේසි මත රැඳවුම් භාරයෙන් මුදා හරින ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.

Read More

කොවිඩ් මර්දනය සඳහා හඳුන්වා දී ඇති කරල් සඳහා ඖෂධ පිළිබඳ තාක්ෂණික කමිටුවේ අනුමැතිය හිමිව තිබේ.

Read More

අද සිට සපුගස්කන්ද බොරතෙල් පිරිපහදුවේ කටයුතු දින 50 කට වසා දමීමට තීරණය කළ බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසා සිටියි.

Read More

රුපියල් කෝටි 18 ක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ ග්රැම් 04 යි ග්රැම් 527 තම අත් බෑගය තුළ සගවා ගෙන ජාත්‍යන්තර මූල්‍ය ආයතනයක ප්‍රධානියෙකු ලෙස පෙනී සිටිමින් ශ්‍රී ලංකාවට පැමිණි 59 හැවිරිදි ටියුනීසියානු ජාතිකයෙකු අද (15දා) උදෑසන කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ( නීති කටයුතු ) සුදත්ත සිල්වා මහතා ප්‍රකාශ කළේය.

Read More

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතියකින් තොරව සමගි ජන බලවේගය පක්ෂය විසින් සංවිධානය කර ඇති විරෝධතා පැවැත්වීම වළක්වාලමින් අධිකරණ කිහිපයක් විසින් වාරණ නියෝග නිකුත් කර තිබේ.

Read More

මා මහින්ද රාජපක්ෂ ඉදිරියේ නැමුණා නොව නැගිටීමට අපහසු කෙනෙකුට රිසි පරිදි කතා කිරීමට නැඹුරුවූවා පමණි.

Read More

නාය යෑමේ අවදානම හේතුවෙන් පහළ කඩුගන්නාවෙන් වසා දැමූ කොළඹ – නුවර මාර්ගය නැවත දනුම් දෙනතුරු වසා දැමීමට තීරණය කර තිබේ.

Read More

සමගි ජන බලවේගයේ විරෝධතාව හෙට (16) සැලසුම් කළ පරිදි පවත්වන බව එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පවසා සිටියි.

Read More

කොවිඩ් වසංගතය හමුවේ පසුපසට ගිය රට ක්‍රමවත්ව ඉදිරියට ගැනිමේ අභිප්‍රායෙන් යුතුව ඉතා විධිමත්ව හා ජනතාවාදි ලෙස ඉදිරිපත් කළ අයවැයක් ලෙස සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අදහස් දක්වමින් පැවසීය.

Read More

චීන මහජන සමූහාණ්ඩුවේ චින්ඩාවෝ නගරය සහ ලෝක උරුම මහනුවර නගරය අතර සහයෝගිතා ගිවිසුමක් අත්සන් කිරීම අද (15දා) සුම් තාක්ෂණය ඔස්සේ සිදු කෙරුණි .

Read More

සෞඛ්‍ය උපදෙස් කඩකමින් උද්ඝෝෂණ පැවැත්වීම තුළ සිදු වන්නේ යළි කොරෝනා රැල්ලක් ඇතිවීම පමණක් බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අවධාරණය කරනවා.

Read More

ශ්‍රී ලංකාවට අවේනික සහ දුර්ලභ ශාක විශේෂයක්‌ බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයෙහි වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සීමාවේ නාවලකන්ද වනාන්තර පද්ධතියට යාබදව පවතින්නා වූ ගුලවිට උතුර ග්‍රාමසේවා වසම තුලින් සොයා ගැනීමට පර්යේෂකයන් පිරිසක් සමත්වී තිබේ.

Read More

එක රටක් එක නීතියක් සදහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය සදහා මහජන අදහස් කැදවීමට තීරණය කර තිබෙනවා.

Read More

ආණ්ඩුවට සහාය පළකරන දේශාපාලන පක්ෂ 11ක නියෝජිතයින් අතර සාකච්ඡාවක් අද (15) දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ.

Read More

රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා විසින් සිදුකරනු ලැබු පැමිණිල්ලට අදාළව ප්‍රකාශයක් ලබාදිම සඳහා අචාර්ය සිරිල් ගාමිණි පියතුමන් අද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටිමට නියමිත ඇතැයි එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.

Read More

ඉදිරි මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිව තරඟ කළ යුතු බවට අනුරාධපුර දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බල මණ්ඩලයේදී ඒකමතිකව සම්මත කර ගනු ලැබීය.

Read More

ජනාධිපතිවරයා හා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් විශ්‍රාම වැටුපක් ලැබිමට වසර දහයක් සේවය කළයුතු බවට වු යෝජනාව පොදු ජනතාව අතර ජනප්‍රිය තීන්දුවක් යැයි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රි හිටපු අමාත්‍ය චන්දිම විරක්කොඩි මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකාව විසින් සිය කාබනික පොහොර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව චීනයේ චින්ඩාවෝ සී වින් බයෝටෙක් සමාගම ලෝක ආහාර හා කෘෂිකාර්මික සංවිධානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට සූදානම් වෙයි.

Read More

බස්නාහිර පළාත තුළ මහජනයා නිසි ලෙස සෞඛ්‍යාරක්ෂිත උපදෙස් පිළිපදින්නේද යන්න පරික්ෂා කිරිමට පොලීසිය විසින් විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ.

Read More

කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් ඇමෙරිකානු සමාගමකට ලබාදීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත්ව ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයේදී ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල අමාත්‍යවරුන් වෙනුවෙන් පෞද්ගලික නීතිඥවරයෙක් ඉදිරිපත් කිරීමට එම පක්ෂ තීරණය කර ඇති බව වාර්තා වෙයි.

Read More

කොවිඩ් යම් මට්ටමකට පාලනය කර සෞඛ්‍ය අංශ ඉතාමත් අපහසුවෙන් ලබාගත් ජයග්‍රහණ දේශපාලන කාරණා හේතුවෙන් ආපස්සට හැරවිමට කටයුතු නොකරන්නැයි සියලුම දේශපාලන පක්ෂවලින් ඉල්ලිමක් කරන බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.

Read More

ආසියාන් රටවල නියෝජිතයෝ ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කිරීමේ ඵලදායි ප්‍රතිඵල ගැන ඉතා ඉහළින් කතා කළ අතර, වසංගතයට එරෙහිව සටන් කිරීමට සහ ආර්ථික ප්‍රකෘතියට සහාය වීමට කලාපයට උපකාර කිරීම සම්බන්ධයෙන් චීනයට ස්තුති කළේය.

Read More

රාජ්‍ය සේවකයන්ගේ විශ‍්‍රාම යෑමේ වයස අවුරුදු 65 දක්වා දික්කරනු ලැබුවේ ඔවුන්ට ලබාදෙන පාරිතෝෂික මුදල් ගෙවා ගැනීමට රජයට නොහැකි නිසා යැයි එක්සත් ජාතික පක්‍ෂ සභාපති හිටපු ඇමැති වජිර අබේවර්ධන මහතා පවසයි.

Read More

පළමු වරට පන්දුවාර 20-20 ලෝක ශූරයින් ලෙස කිරුළු පැළදීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම අද (14) සමත් විය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.