නුවරඑලිය මහ නගර සභාව විසින් අද (01දා) සිට මේ මස (30දා) දින දක්වා පවත්වන වසන්ත උදානය නතර කරන ලෙස බල කරමින් ප්‍රදේශවාසින් පිරිසක් වසන්ත උදාන සමාරම්භ උත්සව භුමියට කඩා වදි.
නුවරඑලිය ග්‍රෙගරි වැවෙහි මාගස්තොට ප්‍රදේශයේ අද උදැසන එම නගර සභාවේ නගරාධිපති චන්දනලාල් කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් වසන්ත උදාන සමාරම්භක උත්සවය පැවැත්විණි.
එම උත්සව භුමියට පෙලපාලියකින් පැමිණි පිරිසක් උත්සව භුමිය තුල කලහකාරි ලෙස හැසිරෙමින් වසන්ත උදානය නතර කරන ලෙසට ඉල්ලා සිටියි. ප්‍රදේශවාසින් උත්සව භුමියට ඇතුල්විම වැලැක්විමට පොලිස් නිලධාරින් දැඩි උත්සහයක නිරත වුවද ප්‍රදේශවාසින් මේ වන විට උත්සව භුමියට ඇතුල් වි කලහකාරි ලෙස හැසිරෙමින් පවති.




