ජනාධිපතිවරයාගේ නිවස ආසන්නයේ සිදුක විරෝධතාව යම් යම් පක්ෂ ක්‍රියාකරුවන් විසින් සිදුකල දෙයක් බවත් ඔවුන් සීමාව ඉක්මවා යාමේදී ජනාධිපතිවරයා ආරක්ෂක අංශ වෙත අවම බලය යොදමින් උද්ඝෝෂකයන් විසිරුවා හරින ලෙස උපදෙස් දුන් බවත් රථ වාහන ගිනි තැබීම් උද්ඝෝෂණ පැමිණි පිරිස් විසින් සිදුකල ක්‍රියාවක් බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග සඳහන් කරයි.
ඔහු මේ බව පැවසුවේ අද (01) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
"මාධ්‍යවේදීන් හැටියට ඔබතුමන්ලා ගවේශණ කරන්න අපි ගාව තියන තොරතුරු දෙන්නම් 88-89 කාලයෙත් මේ අත්දැකීමම අපිට දුන්නා ජාතික දේපල ගිණි තියලා. ඒ වගේ රටට හාණි කරපු යුගයක් අපි දැක්කා. ඊයේ දවසේ සිදුවීම තුලත් ජනාධිපතිතුමා පුලුවන්තරම් ඉවසිලිමත්ව කටයුතු කරේ අවුලක් නැතිව ඒ සාමකාමි උත්ඝෝෂකයො ඇවිල්ලා උද්ඝෝෂණය කරලා යයි පොලීසියේ හමුදාවේ අයට මැදිහත් වෙන්න එපා කියලා තමයි පණිවිඩේ දුන්නේ.
මම දැක්කා අද උදේ එක එක දේශපාලන පක්ෂ විසින් කරන මාධ්‍ය හමු දැන් මේ බස්රථයකට ගිනි තිබ්බේ හමුදාව කියලා ඒතුතු ගන්වන්න. අපි ගාව ඒ ඡායාරෑප සහ වීඩියෝ දර්ශණ තියනවා ඒ ආපු අය හෙල්මට් දාගෙව මේ බස්වලට ගින්දර තියනවා. ඉතිං ඒ අය අද මේ සිද්ධිය හෙලා දකිනවා හැබැයි හෙලා දකින ගමන් කියනවා මේක පොදුජනතාවගේ අරගලයක් මේකට දේශපාලන පක්ෂ සම්බන්ධ වුනේ නැහැයි කියලා පොඩි උත්සායක් කරනවා. හැබැයි අපි ගාව තියනවා සමහර දේශපාලන පක්ෂ, ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලයිස්තුවේ 2015ට මැතිවරණයට ඉදිරිපත් වෙච්ච අපේක්ෂකයෙක් පවා මේ උත්ඝෝෂණයේ කටයුතු කරන ආකාරය අපි ගාව තියනවා.
පාන්දර 1.30-200 වෙනකන් ඒ මට්ටමෙන් පවත්වාගෙන ගියා උද්ඝෝෂකයෝ ජාතික දේපල විනාශ කලා, රාජ්‍ය දේපල විනාශ කලා, පෞද්ගලික දේපල විනාශ කලා ඒවගේම ඒ පෞද්ගලික දේපල හානි කලයින් පස්සේ අවසානයේ සිද්ධ වුනා ජනාධිපතිතුමාට අවම බලය පාවිච්චි කරලා මේක විසුරුවා හරින්න."