ඩීසල් නොමැති වීම, ගෑස් මිල ඉහල දැමීම සහ අයිස් මිල ඉහල යෑම ඇතුළු ධීවරයින්ට බලපා ඇති ගැටලු වලට විසඳුම් ලබාදෙන ලෙස රජයට බල කරමින් ගාල්ලේ ධීවර ප්රජාව අද (01දා) දහවල් ගාල්ල මාතර ප්රධාන මාර්ගය බස් නැවතුම්පල ඉදිරිපිටින් අවහිර කරමින් විරෝධතාවයක නිරත වූහ.
විරෝධතා පුවරු රැගෙන මාගාල්ලේ සිට ගාල්ල නගරයට පා ගමනින් පැමිණි ධීවර ජනතාව පසුව මාර්ගය අවහිර කරමින් විරෝධතාවයේ යෙදුණහ.
ගාල්ල සිරංගිකා ලොකුකරවිට



