රූබල්වලින් ගෑස් ගෙවීම් සඳහා අවසන් දිනය දෙයි
තම රටට අහිතවත් රටවල ගැනුම්කරුවන් සඳහා ගෑස් ලබාදීමේදී රූබල් මුදල් ඒකකයෙන් ගෙවීම් සිදුකළ යුතු බව ඉල්ලා රුසියානු ජනපති ව්ලැදිමීර් පූටින් අත්සන් කළ නියෝගය අප්‍රේල් 01දා සිට ක්‍රියාත්මක වන බව පවසයි.
විශේෂයෙන්ම යුක්රේනයේ හමුදා මෙහෙයුම සම්බන්ධයෙන් රුසියාවට එරෙහිව සම්බාධක පැනවූ සියලු රාජ්‍යයන් මෙසේ රුසියාවට අහිතවත් රටවල් ලෙස සලකා ඇත.
මේ තත්ත්වය තුළ ගෑස්වලට ගෙවීම් සඳහා පහසුකම් සැලසීම වෙනුවෙන් ගැනුම්කරුවන් රුසියානු බැංකුවල ගිණුම් විවෘත කළ යුතුව තිබේ. තම රටේ විදේශ මුදල් සංචිතවලින් විශාල ප්‍රමාණයක් බටහිර විසින් අත්පත් කරගත් පසුබිමක රුසියාව දැන් තමාගේම මුදල් ඒකකයේ බලය පෙන්වීම අරඹා ඇත.
"අප්‍රේල් 1 සිට මිත්‍රශීලී නොවන රටවල් රුබල්වලින් නොගෙවන්නේ නම්, අපි මෙය ගෑස් කොන්ත්‍රාත්තුවේ පැහැර හැරීමක් ලෙස සලකනවා. එසේ වුවහොත් පවතින කොන්ත්‍රාත්තු අවලංගු වනු ඇති" ජනාධිපතිවරයා පැවසීය.
රුසියාව බටහිර රාජ්‍යයන්ට "ගෑස් සැපයූ" බව පූටින් පැහැදිලි කළේය. "අපට යුරෝවලින් ගෙවන ලද මුදල් දැන් ඔවුන් විසින්ම අත්හිටුවා, පැහැරගෙන තිබෙනවා" පූටින් සඳහන් කළේය. "මෙයින් අදහස් කරන්නේ අප මෙතෙක් කල් ඔවුන්ට නොමිලේ ගෑස් සැපයූ බවයි." ඔහු වැඩිදුරටත් පැවසීය. රුසියානු නායකයාට අනුව, ඔහුගේ නව නියෝගය ඔහුගේ රටේ මූල්‍ය ස්වෛරීභාවය සඳහා පියවරක් ඉදිරියට පැමිණ තිබේ.


popular news
-
Kumar Saturday, 02 April 2022 01:33 AM
lankawata pamini suncharakyin dunna ruble godagahila athinegda.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

