saravita-anim2

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

Latest News - timelapse 6086 hours ago

LATEST

පාන් පිටි මිලත් ඉහළට

calendar_today 2021 නොවැ 29 - 13:09 remove_red_eye - 205  

ප්‍රීමා පාන් පිටි කිලෝ 1ක මිල රුපියල් 17.50කින් ඉහළ දැමූ බව එම සමාගම පවසා සිටියි. ඒ අනුව එය නොවැම්බර් 27 වනදා සිට ක්‍රියාත්මක වන බවයි ඔවුන් සඳහන් කර සිටියි.

පොලිස්පති චන්දන වික්‍රමරත්න මීට සුළු මොහොතකට පෙර අධිකරණය වෙත පැමිණ තිබේ. හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහිව විභාග කෙරෙන පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සම්බන්ධ නඩු විභාගය සඳහා සාක්ෂි ලබාදීමටයි ඔහු මෙලෙස පැමිණ ඇත.

Read More

ටෝකියෝ - නව කොවිඩ් 19 වෛරස් ප්‍රභේදයක් වන ඔමික්‍රොන් ලොව පුරා රටවල් කිහිපයකින් වාර්තා වීමත් සමග එයින් අරක්ෂාවීම සඳහා වීම සඳහා ලොව පුරා සිටින සියලුම විදේශීය අමුත්තන්ට ජපානයට ඇතුළුවීම අත්හිටුවන බව ජපානය සඳුදා නිවේදනය කළේය.

Read More

ඔමික්‍රොන් ප්‍රභේදය ආසාදිත වූ දෙදෙනෙක් කැනඩාවේ, ඔටාවා අගනුවරින් හඳුනාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි.

Read More
Rain rain go away
29 11 2021 09:51:00
0 501

ශ්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත දෙවැනි ටෙසට් තරගයේ ආරම්භයට වර්ෂාවෙන් බාධා ඇතිව තිබේ. මේ වන විට සම්පූර්ණයෙම පාහේ පිටිය වැහි ආවරණ වලින් වසා තිබේ.

Read More

ඉලෝන් මස්ක්ගේ ස්පේක්ස් එක්ස් සමාගම ලොවට හඳුන්වාදී ඇති ස්ටාර්ලින්ක් අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාවට ලබාගැනීම සඳහා මූලික මට්ටමේ ක්‍රියාදාමයන් ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.

Read More

ඉන්දියාවෙන් ගෙන්වූ මිනිස් පරිභෝජනයට නුසුදුසු අර්තාපල් අල සෝටීස් (කෙටි කෑම) නිෂ්පාදනය සඳහා රටපුරා බෙදාහරින ජාවාරම්ක සුලමුල හෙළි කර ගැනීම්ට දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතාට 28 දින පස්වරුවේ හැකි වී තිබේ.

Read More

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් තර​ගය අද (29) පෙරවරු 10.00 ට ආරම්භවීමට නියමිතයි.

Read More

දකුණු පළාතේ සහ කළුතර දිස්ත්‍රික්කයේත් අද (29) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

නව ප්‍රභේදය කෙරෙහි දැඩි අවධානයක් යොමු කළ යුතු නමුත් මේ මොහොතේ විශාල පියවරක් නොගන්නා බව චීනයේ ඉහළ පෙළේ වසංගත රෝග විද්‍යාඥ ෂොං නන්ෂාන් පවසයි.

Read More

දිස්ත්‍රික්ක අටක් වෙත නාය යෑමේ අවධානම් නිවේදනයක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත්කර තිබේ. අද රාත්‍රී 8 නිකුත් කළ මෙම නිවේදනය ෙහට රාත්‍රී 8 තෙක් වලංගු වෙයි.

Read More

දුම්රිය ධාවන කටයුතු තාවකාලිකව නවතා දමා තිබූ කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා දුම්රිය ගමනාගමනය හෙට(29දා) සිට සීමා සහිතව ආරම්භවන බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය සඳහන්කරයි.

Read More

දකුණු අප්‍රිකාව තුළ තහවුරු වූ ආසාදිතයන් ගණන 100කට වඩා අඩු ප්‍රමාණයක් බව බටහිර කේප් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් ප්‍රධානී සාදික් කරීම් සඳහන් කළේය.

Read More

වත්මන් ආණ්ඩුව යටතේ මෙරට සීනි අවශ්‍යතාවෙන් 50%ක් මෙරට තුළ නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වන බව උක්, බඩ ඉරිඟු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබුනැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි භෝග වගා සංවර්ධනය, ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසීය.

Read More

දකුණු අප්‍රිකාවේ සිට ගුවන්යානා දෙකකින් නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් වෙත පැමිණි පුද්ගලයින් 13 දෙනෙකුගෙන් ද ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය හඳුනාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි.

Read More

කොවිඩ්-19 වෛරසයේ ඔමික්‍රෝන් ප්‍රභේදය දැනටමත් එක්සත් ජනපදයේද තිබේ නම් තමා පුදුම නොවන බව එක්සත් ජනපදයේ, රජයේ ඉහළම බෝවන රෝග විශේෂඥ වෛද්‍ය ඇන්තනි ෆවුසි පවසයි.

Read More

මහත්තයා කලින් කියලා තිබුනා මට මොනවහරි වුනොත් සල්ලි වගයක් තියෙනවා කියලා මම දැනන් හිටියේ නෑ තිබුන තැන . අපේ ඇදයට තිබිලා ලක්ෂ26 ක් එකත් අරන් ගියා එචිචරමයි දුවට කියලා තිබුනේ.

Read More

ලබන 5 වැනිදා ආරම්භ වන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවැනි අදියර වෙනුවෙන් කුසල් ජනිත් Colombo Stars කණ්ඩායම සමග ගිවිසුම් ගත වී තිබේ.

Read More

නව යුගයේදී කුසලතා වර්ධනය තුළින් හමුදාව ශක්තිමත් කිරීමේ උපාය මාර්ගය ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන ලෙස චීන ජනාධිපති ෂී ජින්පිං අවධාරණය කර තිබේ.

Read More

ගංවතුරින් දැඩි හානි සිදුවු පුත්තලම දුම්රිය මාර්ගය යථා තත්වයට පත් කිරීමේන් පසු නැවත දින 21 කින් පසුව දුම්රිය ධාවනය ආරම්භ කළ බව දුම්රිය දෙපාර්තුමේන්තුව 28 දින පැවසිය.

Read More

මිල්ලනිය සමුපකාර සංගමයට නියෝජිතයින් තෝරා පත් කර ගැනීම සඳහා පැවති නිලවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිත කණ්ඩායම ජයග්‍රහණය කර ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කළුතර දිස්ත්‍රික් නායක සහ මධ්‍යම කාරක සභික හිටපු බස්නායක පළාත් අමාත්‍ය සුමිත් ලාල් මෙන්ඩිස් මහතා අද (28දා) පස්වරුවේ පැවසීය

Read More

රනරිද් කුමරු සම්භාවනීය පුරවැසියෙකු බවත්, ඔහු සිය ජාතියට, ආගමට, රජුට දේශප්‍රේමී රාජකීය පවුලේ සාමාජිකයෙකු ලෙසත් හුන් සෙන් විසින් හඳුන්වා දෙන ලදී.

Read More

කටුනායක ගුවන්තොටුපළෙහි මේ වනවිට පවතින දැඩි ලිහිල් ප්‍රතිපත්ති හේතුවෙන් ගුවන් මගීන්ට සෞඛ්‍ය අංශ මගහැරයාමේ අවස්ථා ඇති බවට වාර්තාවී ඇති බවත්, ඒ හරහා අප්‍රිකානු රටවල් කිහිපයකින් මේවන විට හඳුනාගෙන ඇති භයානක කෝවිඩ් ප්‍රභේදය ඕනෑම මොහොතක රටට ඇතුළට පැමිණිය හැකි බවත් සමස්ත ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.

Read More

ඇල්ල – පස්සර මාර්ගයේ 16 වෙනි කිලෝමීටර් කණුව අසළ නායයෑමක් සිදුව ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කර සිටියි

Read More

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (28) සවස් කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටියි.

Read More

මහනුවර - ගුරුදෙණිය මාර්ගයේ ඉලුක්මෝදර ප්‍රදේශයෙන් මහවැලි ගගට වැටුණු මෝටර් රථය සිටි පුද්ගලයාගේ සිරුර හමුවී තිබේ.

Read More

දක්ෂිණ අධිවේගී මාර්ගය හරහා මගීන් ප්‍රවාහනය කරන අතරතුරදී , නීති විරෝධී ලෙසින් , බස් රථ දෙකක් , අධිවේගී මාර්ගයේ අතර මඟ නවතා , එහි රියදුරන් බස්රථ දෙකකට මාරුවීමේ සිද්ධියට සම්බන්ධ රියදුරන් දෙදෙනාට , රුපියල් හතලිස් දහසක දඩයක් ගෙවීමට , මතුගම මහේස්ත්‍රාත් ධම්මික උඩුව විතාන මහතා නියෝග කළේය .

Read More

ශ්‍රී ලංකා කාත්නා ක්‍රිකට් කණ්ඩායමේ තවත් ක්‍රීඩිකාවන් 6කට කොවිඩ් 19 ආසාදනය වී තිබේ. මීට අමතරව ක්‍රිකට් කණ්ඩායම සමග සිටි නිලධාරියෙකුට කොවිඩ් ආසාදනය වී තිබේ.

Read More

තහනම් කෙරුණු රටවල් 06න් සංචාරකයන් පසුගිය දින 14 ක කාලය තුල මෙරටට පැමිණ නැතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. සංචාරක සංවර්ධන අධිකාරියේ සංඛ්‍යාලේඛණ මගින් එය තහවුරු වන්නේ යැයි ඇමතිවරයා සදහන් කරයි.

Read More

මහරගම හයිලෙවල් මාර්ගයේ ඉන්ධන පිරවුම් හලක පොම්පකරුගේ ගෙලට තියුණු ආයුධයක් තබා බියගන්වා , ඔහු සන්තකයේ තිබූ රුපියල් හතළිස් පන්දහසක මුදලක් කොල්ලකා පළාගිය , පුද්ගලයින් දෙදෙනෙකු දින විසි අටකට පසුව අත්අඩංගුවට ගත් බව බස්නාහිර -දකුණ අපරාධ කොට්ඨාසය පවසයි .

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.