රජයේ රෝහල්වල ඇතැම් ඖෂධ හා උපකරණ හිඟයක් පවතින බවත් ගැටළුව කළමනාකරණය කොට අඛණ්ඩ ඖෂධ සැපයුමක් සහතික කරන සැලසුම් සකසා ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
කෙසේ වෙතත් ඊයේ දිනයේදී රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මාධ්‍ය වාර්තා කරන අයුරින් ශ්‍රී ලංකාවේ ඖෂධ හිඟයක් නොමැති බවයි.
විදේශ විනිමය දුෂ්කරතා නිසා නිසි කලට ණයවර ලිපි විවෘත කිරීමට නොහැකි වූයෙන් ඇතැම් ඖෂධ හිඟවූ බවත් ඊට පිළියම් ක්‍රියාමාර්ග කීපයක් හඳුනාගෙන දැන් ක්‍රියාත්මක කෙරෙමින් පවති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඉන්දීය සහන ණය පහසුකම යටතේ ණයවර ලිපි විවෘත කොට ඖෂධ හා උපකරණ ඇණවුම් කිරීම ඉන් එකකි. දෙවනුව ඖෂධ මිලට ගැනීම සඳහා ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 10ක අරමුදල් ලැබී තිබේ. ඒ හැර අරමුදල් හෝ ඖෂධ සපයා ගැනීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ආසියානු සංවර්ධන බැංකුව සමග අමාත්‍යංශය සාකච්ඡා කරමින් සිටී.
හිඟ ඖෂධ හෝ ඖෂධ මිලදී ගැනීමට මුදල් හෝ පරිත්‍යාග කරන මෙන් විදේශීය ආයතන වෙත, විදේශීය සහ එතෙර වෙසෙන ශ්‍රී ලාංකිකයන් වෙත ආයාචනයක් කර තිබේ. දැනටමත් ඊට යහපත් ප්‍රතිචාර ලැබී ඇතැයි අමාත්‍යංශය කීය.
රජයේ රෝහලවල ඖෂධ හිඟයක් නැතැයි නිල මූලාශ්‍රයක් උපුටා දක්වමින් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ නිකුත් කළ නිවේදනය මේ කරුණු සලකා නිවැරදි විය යුතු යැයි සෞඛ්‍ය අමාත්‍යංශය පෙන්වා දුන්නේය.