ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාටත්, ආණ්ඩුවටත් විරෝධය දක්වමින් කොළඹ ගෝල් ෆේස් පිටියේ පැවැත්වෙන සාමකාමී අරගලයට රජය ඇහුම්කන් නොදෙන්නේනම් විදෙස් ගත ලාංකිකයන් ලෙස තමන් දැඩි තීරණ ගැනීමට සූදානම් බව විදෙස් ගත ලාංකිකයන් පවසයි.
ඒ අනුව ඉදිරියේදි ශ්‍රි ලංකාවට විදේශ විනිමය එවිම නතර කිරීමට මෙන්ම තම තමන් වෙසෙන රටවල නායකයන්ටද ලංකාවට උපකාර කිරීමෙන් වැළකී සිටින ලෙස දන්වා සිටීමට කටයුතු කරන බවද ඔවුහු පවසති.
මේ පිළිබඳව 'අද' වෙත අදහස් දැක්වූ ඉතාලියේ මිලාන් නුවර ලාංකිකයෙක් සඳහන් කළෙ මිලාන් නුවර ලාංකිකයන් දැනටමත් විදේශ විනිමය ශ්‍රී ලංකාව වෙත ප්‍රේෂණය කිරීම අත්හිටුවීමට තීරණය කර ඇති බවයි.
එසේම මේ සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාව, ප්‍රංශය, ඇමෙරිකාව ඇතුළු රටවල සිටින ලාංකිකයන් සමග සාකච්ඡා කර ඇති බවද ඔහු සඳහන් කළේය.
ජනතා මතයට ඇහුම්කන් දී ආණ්ඩුව ඉවත්වන්නේ නම් රටට උපකාර කිරීමට විශේෂ ගිණුමක් ස්ථාපිත කර එම ගිණුම වෙනුවෙන් ලංකාවට අවශ්‍ය විනිමය පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් ආරම්භ කරන බවද විදෙස් ගත ලාංකිකයන් පවසයි.
තමන් ශ්‍රී ලංකාව වෙත ප්‍රේෂණය කරන මුදල් පාලකයන්ට අවශ්‍ය පරිදි විනාශ කර දමයි නම් තවදුරටත් ලංකාවට විනිමය ප්‍රේෂණය කිරිමෙන් පළක් නොවන බවද ඔවුහු පවසයි.