පහළ වායුගෝලයේ කැළඹිලි ස්වාභාවය දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ අනුව හෙට දිනයේදී බස්නාහිර, සබරගමුව පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව එම දෙපාර්තමේන්තු පවසයි.
සෙසු ප්‍ර දේශවල සවස් කාලයේදි හෝ රාත්‍රී කාලයේදි තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් නැගෙනහිර, ඌව, උතුරුමැද හා උතුරු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ට වැඩි තරමක් තද වැදි ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන් පවසයි.
දෘෂ්‍ය ලෙස සූර් යයා උතුරට ගමන් කිරීම හේතුවෙන් හෙට දිනයේ දහවල් 12.11ට තායිලියන්කුඩිඉරිප්පු, කනකරායන්කුලම්, නෙඩුන්කර් නි, නඩ්ඩියන්කඩාල් යන ප්‍ර දේශවලට හිරු මුදුන්ව පවතිනු ඇතැයිද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.