ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හා ආණ්ඩුවට විරෝධය දක්වමින් ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත්වෙන විරෝධතාකරුවන් සමග සාකච්ඡාවට සූදානම් බවට අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා ප්රකාශ කළත් අරගලයට එක්ව සිටින කිසිවෙක් ඒ සඳහා ඉදිරිපත්ව නොමැති බව වාර්තා වෙයි.
මෙම අරගලය සඳහා නායකත්වයක් ලබාදෙන පාර්ශ්වයක් නොමැතිවීමද ඒ සඳහා හේතුවක් වී තිබේ. මෙම අරගයට පිරිස් සම්බන්ධ වී සිටින්නේ ස්වාධීනවය.