බාබකියු උදුනක් කාමරයක සිතලට ලබාගෙන නින්දට ගිය පුද්ගලයන් තිදෙනෙක් සිහිසුන් වි සිටියදි නුවරඑලිය මහ රෝහල වෙත අද (12) දින ඇතුලත් කළ බව නුවරඑලිය පොලීසිය පැවසිය.
කුරුණැගල මහව ප්රදේශයේ සිට ඊයේ (11) දින නුවරඑලියේ සංචාරයක් සදහා පැමිණි 08 දෙනෙක් නුවරඑලිය මාගස්තොට ගැමුණු මාවතේ පිහිටි නිවසක් කුලියට ගෙන නතර වි ඇත.
එම පිරිස (11) දින රාත්රියේ එම නිවසේ මත්පැන් සාදයක් පවත්වා ඇති අතර,එහිදි බාබකියු උදුනෙන් මස් පුළුස්සා ආහාරයට ගෙන අලුයම 3 ට පමණ එම පිරිස සමග පැමිණි පුද්ගලයන් තිදෙනෙකු නුවරඑලිය ප්රදේශයේ පවතින අධික සිතල කාලගුණයත් සමග බාබකියු උදුන ඔවුන් නතර වි සිටි නිවසේ කාමරයක් තුලට රැගෙන ගොස් ඇත.
එම කාමරය තුල අවු 20 , 30 සහ 48 හැවිරිදි පුද්ගලයන් තිදෙනෙකු සිට ඇති බවත්, ඔහුන් (12) දින අලුයම අවදි නොවු නිසා එම පුද්ගලයන් තිදෙනා සමග පැමිණි අනෙක් පිරිස ඒ පිලිබදව සොයා බැලිමේදි එම තිදෙනා ඇද මත අවදි නොවි සිටි නිසා ඒ පිළිබදව එම සංචාරය සදහා පැමිණි සෙසු පුද්ගලයන් සිද්ධිය සම්බන්ධයෙන් එම නිවසේ අයිතිකරු වෙත දැනුම් දිමෙන් පසු ප්රදේශවාසින් 1990 ගිලන් රථය මගින් නුවරඑලිය රෝහල වෙත ඇතුලත් කර ඇත.
රෝහල් ගත කල තිදෙනාගේ තත්ත්වය බරපතල නිසා එම තිදෙනා නුවරඑලිය මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබන බවත් නුවරඑලිය පොලිසිය කියා සිටියේය.
එම නිවසේ අයිතිකරු වන මැදගෙදර මිල්ටන් මහතා කියා සිටියේ සංචාරයක් සදහා පැමිණි එම පිරිස නුවරඑලිය වසන්ත උදානය නැරඹිමට ගොස් අළුයම 2 ට පමණ තම නිවසට පැමිණ ඇති බවත්, ඉන් අනතුරුව මත්පැන් සාදයක්ද පවත්වා බාබකියු උදුන කාමරය තුලට රැගෙන ගොස් ඇති බවයි.
නුවරඑලියේ සංචාරය සදහා පැමිණෙන සංචාරකයන්ට බාබකියු උදුන කාමරය තුලට රැගෙන යාමට අවසර ලබා නොදෙන ලෙසට නුවරඑලිය ප්රදේශයේ නවාතැන් පහසුකම් දෙන අයට නුවරඑලිය පොලිසිය විසින් දැනුවත් කර තිබුණි.
