saravita-anim2

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

Latest News - timelapse 6069 hours ago

LATEST

Jaffna Kings කණ්ඩායමට ලකුණු 111ක ඉලක්කයක්

calendar_today 2021 දෙසැ 07 - 16:44 remove_red_eye - 205  

LPL තරගාවලියේ හතරවන තරගය ලෙස අද Dambulla Giants කණ්ඩායම හා Jaffna Kings කණ්ඩායම අතර පැවැත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් Dambulla Giants කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 110 රැස් කිරීමට සමත් විය.

වැගන් ආර් වර්ගයේ මෝටර් රථයක් හා ජංගම දුරකතන හතරක් සොරා ගැනීමේ සිදුවීමකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය ඉල්ලා සිටියි. සැකකරුගේ සී.සී.ටී.වී. ඡායාරූප කිහිපයක්ද පොලීසිය විසින් මාධ්‍ය වෙත නිකුත් කර තිබේ.

Read More

2021 වසරේ ලක්ෂයක් ශ්‍රමිකයින් විදේශ ගත කිරීමේ ඉලක්කය, දෙසැම්බර් මස මුල් සතිය වන විටම ඉක්මවා යාමට හැකි වූ බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

Read More

රනිල් වික්‍රමසිංහ මැතිතුමා කිව්වා එතුමාට යන්න පුළුවන් ඉවත් වෙලා කියලා. අපි කවුරුත් එතුමාට ඉවත් වෙලා යන්න කියන්නේ නෑ. ඔබතුමාට පේනවනේ දැන් එළියට ගිය අය කවුරුත් නැති නිසා ඔබතුමා තමයි දැන් විපක්ෂ නායක හැටියට ඉන්නේ. විපක්ෂ නායක ඇතුළු සියලු දෙනා සභාවෙන් ඉවත් වෙලා ගිහිල්ලා තියෙනවා. ඒ අය ඔබතුමාගෙනුත් ඉවත් වෙලා ගිහිල්ලා.පොඩ්ඩක් උපදෙස් දීලා, පාර්ලිමේන්තු ක්‍රමය පිළිබඳ අවබෝධයක් ඒ අයට ලබාදෙන්න, කියන එකත් මම විශේෂයෙන් මේ අවස්ථාවේදී කියනවා. මොකද ඒක ඉතාම වැදගත්

Read More

වර්ථමානයේ මෙරට ආර්ථිකය කඩා වැටුනේ කෝවිඩ් වසංගතය හේතුවෙන් මිස ආණ්ඩුවේ කණ්ඩායම සොරකම් කිරීම නිසා නොවන බව වනජීවි රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුලු ආරක්ෂිත වැඩ පිළිවෙලවල් හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පැවසීය.

Read More

LPL තරගාවලියේ හතරවන තරගය ලෙස අද Dambulla Giants කණ්ඩායම හා Jaffna Kings කණ්ඩායම අතර පැවැත්වෙයි.

Read More

පරිසරයට අතීතයේ සිට ආදරය කළ මිනිසුන් සිටින රටක පාරසරික සංරක්ෂණය පිළිබඳ මිනිසුන්ට උපදෙස් ලබා දීමට සිදු වීම ඛේදවාචකයක් බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

Read More

විදුලිබල පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීම සඳහා තවදුරටත් විදුලිය කප්පාදු කිරීමට සිදුවන බව විදුලිබල අමාත්‍යාංශය පවසා සිටියි.

Read More

පාර්ලිමේන්තු සභා ගර්භය තුල රජය ක්‍රියාත්මක කිරීමට උත්සහ දරණ ම්ලේච්ඡත්වයට , භීෂණයට, මැර දේශපාලනයට මෙන්ම තර්ජනයට වහාම නැවතීමේ ලකුණ තැබීමට කථානායකවරයා කටයුතු කළ යුතු බව සමගි ජන බලවේගයේ නායක විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Read More

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සිදුවූ ගින්නෙන් මෙරට සමුද්‍ර කළාපයට සිදුවූ හානිය හේතුවෙන් මරණයට පත්වූ කැස්බෑවුන් 14 දෙනෙකුගේ හා ඩොලෆින් මත්ස්‍යයින්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු ඊයේ (06) පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨ පශු ව්‍යාධි විද්‍යා දෙපාර්තුමේන්තුවේදී හා සත්ත්ව විද්‍යා දෙපාර්තුමේන්තුවේදී ඉතාලියේ පඩෝවා විශ්ව විද්‍යාලයේ විශේෂඥයින් තිදෙනෙකුගේ සහභාගිත්වයෙන් ආරම්භ විය.

Read More

පාර්ලිමේන්තුවේ දී කාලය සම්බන්දයේ පසුගිය 03 වැනිදා සිදුවූ සිදුවීම පිළිබඳ කමිටු පත් කිරීමට පෙර කථානායකවරයා ඇසින් දුටු දේ පිළිබඳ වහාම තීන්දුවක් ලබා දිය යුතු බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී අධි නීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

Read More

කාබනික, කාබනික නොවන සහ පොස්පරස් පොහොර ආනයනය කිරීමට අවසර දීමටත්, ග්ලයිෆොසෙට් භාවිතය තහනම් කිරීමටත් අතිවිශේෂ ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත් කර ඇත.

Read More

අනුරාධපුර දිස්ත්‍රික්කයේ පලාගලප්‍රාදේශීය ලේකම්කොට්ඨාසයේ පිහිටා ඇති මහඋරුලෑවා ගම්මානයේ අක්කර 13 පමණ පුරා විද්‍යාත්මක වටිනාකමක් ඇති භූමියක් කිසියම් පිරිසක් විසින් අල්ලාගෙන ගම්මුන්ට එම ප්‍රදේශයේ ගමන් කිරීම් පවා තහනම් කිරීමේ සිද්ධියකට අනුරාධපුර දිස්ත්‍රික්කයේ ශාසාසනාරක්ෂක බලමණ්ඩල ස්වාමීන් වහන්සේලා දැඩි විරෝධය පළකරති.

Read More

උප්පැන්න සහතිකය නිකුත් කරන විට එහි වෙනසක් සිදු කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

Read More

මේජර් ජෙනරල් එච්.එල්.වී.එම්. ලියනගේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 59 වන මාණ්ඩලික ප්‍රධානි ධූරයට පත් කර ඇත.

Read More

යුගදනවි බලාගාරයේ කොටස්වලින් සියයට 40ක් ඇමෙරිකාවේ නිව් ෆෝට්‍රස් ආයතනයට ආයෝජනය කිරීමට අවස්ථාව ලබාදීම පිළිබඳ ගිවිසුම මේ සතියේ පැවැති කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර නොමැත.

Read More

2022 වසරේදී ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යධුරය රනිල් වික්‍රමසිංහ මහතාට හෝ බැසිල් රාජපක්ෂ මහතාට ලබාදීමට සූදානමක් ඇත්දැයි අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වූ මාධ්‍යෙව්දියෙකු අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගෙන් විමසා සිටියේය.

Read More

චීනයේ පොහොර සම්බන්ධයෙන් ඇතිව තිබෙන ගැටලු කාරී තත්වය ශ්‍රී ලංකාව හා චීනය අතර පවතින රාජ්‍යත්‍රාන්තික සබඳතාවට ගැටලුවක් නොවන බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

Read More

මෑත කාලීනව ගෑස් සිලින්ඩර ආශ්‍රිතව ඇති වූ ගැටලු පිළිබඳව රජයක් ලෙස වගකීම භාර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවැසීය.

Read More

පාකිස්තානයේදී කෘර ලෙස ඝාතනය කළ ශ්‍රි ලංකාවේ ප්‍රියන්ත කුමාර මහගේ පවුලේ සුබ සාධන කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 2.5ක මුදලක් ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

දින 22 කට පසුව සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවේ කටයුතු අද සිට යළි ආරම්භ කරයි. ඉකුත් නොවැම්බර් මස 15 වනදා සිට මෙරට විදෙස් සංචිත කළමනාකරණය කර ගැනීමේ පියවරක් ලෙස සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව තාවකාලිකව වසා දැමීමට තීරණය කෙරුණි.

Read More

ශ්‍රී ලංකාවේ ප්‍රියන්ත දියවඩන මහතා කෘර ලෙස පාකිස්තානයේදී මරා දැමීමේ සිදුවීමට සම්බන්ධව පංජාබ් පොලීසිය සොයමින් සිටි තවත් ප්‍රධාන සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පංජාබ් පොලීසිය කියයි.

Read More

යුගදනවි විදුලි බලාගාරයේ සියයට 40ක කොටස් ඇමෙරිකාවේ නිව් ෆෝට්‍රස් සමාගමට විකිණීම සම්බන්ධයෙන් වූ ගිවිසුමේ අන්තර්ගතය ගිවිසුම් ගතවූ දින සිට වසර දෙකක් යනතුරු හෙළි නොකිරීමට දෙපාර්ශ්වය විසින් එකඟ වී ඇති බව වාර්තා වෙයි.

Read More

කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ අභාවප්‍රාප්ත වී තිබේ.

Read More

උත්සව සමයේදී සහනදායී ලෙස සතොස හරහා ජනතාවට සහල් ඇතුළු ආහාර ද්‍රව්‍ය ලබාදීමට කටයුතු කරන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසා සිටිය.

Read More

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටියි.

Read More

චීනයේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිටින කාර්ය මණ්ඩලය එලැඹෙන බ්‍රහස්පතින්දා (09දා) බීජිං වේලාවෙන් පස්වරු 3:40ට පෘථිවියේ සිටින නරඹන්නන්ට සජීවී විද්‍යා දේශනයක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.

Read More

ගාල්ල ග්ලැඩියේටරස් කණ්ඩායම හා කොළඹ ස්ටාරස් කණ්ඩායම අතර පැවැති තරගයෙන් කඩුලු 4ක ජයක් වාර්තා කිරීමට‌ කොළඹ ස්ටාර්ස් කණ්ඩායම සමත්විය.

Read More

LPL තරගාවලියේ තෙවන තරගය ලෙස අද Galle Gladiators කණ්ඩායම හා Colombo Stars කණ්ඩායම අතර පැවැත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් Galle Gladiators කණ්ඩායම පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 116 රැස් කිරීමට සමත් විය.

Read More

දකුණු ආසියාවේ නේපාලය ඔමික්‍රෝන් ප්‍රභේදයේ පළමු අවස්ථා දෙක හඳුනා ගෙන ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය සඳුදා ප්‍රකාශ කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.