බැරල්වලට හා කෑන් වලට ඉන්ධන ලබාදීමට කටයුතු නොකිරීම හේතුවෙන් එයට විරෝධය පාමින් ඉන්ධන ලබාගැනීමට පැමිණි ජනතාව කොළඹ - නුවර මාර්ගය වරකපොල නගරය ආසන්නයෙන් ලොරි රථ දෙකක් හරස්කරමින් වසා දැමීමට කටයුතු කර තිබේ.
මේ හේතුවෙන් වාහන ගමනා ගමය සම්පූර්ණයෙන්ම නැවතී තිබේ. තරමක වාහන පෝලිමක්ද නිර්මාණය වී තිබේ.