යුද ජයග්රහණයෙන් පසුව ජනතාව අමතා කල ප්රකාශයේදී තමන් අනාගතයේදී විදුලිය කැපීමකින් තොර රටක් බිහිකරනවා යැයි තමන් ජනතාව හමුවේ ප්‍රකාශ කලද එය සාර්තක කර ගැනීමට නොහැකිවූයේ පසුගිය රජය තමන් ඉදිකල බලාගාර ව්‍යාපෘතිය ඉදිරියට ගෙන නොගිය නිසා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.
අගමැතිවරයාගේ විශේෂ ප්‍රකාශ අද (11) සිදුකරමින් ඔහු මේ බව පැවසීය
"යුද්ධය ජය අරගෙන ජනතාව අමතලා කරපු කතාව මට මේ මොහොතේ සිහිපත් වෙනවා අනාගතයේ විදුලිය කපන්නේ නැති රටක් බිහිකරනවා යැයි කියලා එදා මම කියුවා ඒ සඳහා බලාගාර ඉදිරමින් වැඩකලත් ඒ බලාපොරොත්තු අපිට ඉටු කිරීමට නොහැකි වූයේ පසුගිය රජය අපේ වැඩපිලිවල ඉදිරියට ගෙන නොගිය නිසයි. ඒක තමයි ඇත්ත කවුරු ඒ වැඩ අතපසු කලත් බලයේ ඉන්න ආණ්ඩුව එහි අවසාන වගකීම භාරගන්න ඕනේ. තෙල් පොලීමේ දින ගණන් වෙහෙසුණු ජනතාවගේ වෙහෙස අපිට තේරෙනවා, ගෑස් ගන්න පොලිම් වල රස්තියාදු වුනු කාන්තාවන්ගේ වේදනාව අපිට තේරුම් ගන්න පුලුවන් බඩුමිල අහස උසට නැගලා තියන වෙලාවේ ජනතාව මුහුණ දීලා තියන දුක් ගැහැට අපි කාටත් අවබෝධයක් තියනවා"