ගල්කිරියාගම, මානේරුව රමවැවේ දිය නාමින් සිටි ළමුන් තිදෙනෙකු අතරින් එක් ළමයෙකු කිමුලෙක් විසින් ඇඳගෙන ගොස් ඇති බව ගල්කිරියාගම පොලීසිය කියයි.
අනතුරට පත්වූ ළමයා අවුරුදු 15ක් වන මානේරුව, නෑගම්පාන ප්ර දේහයේ පදිංචිකරුවෙකි. අතුරුදන් වූ ළමයා සෙවීමේ කටයුතු නාවික හමුදාව හා පොලිසිය එක්ව සිදුකරන බව ගල්කිරියාගම පොලීසිය කියයි.